Tuesday 6 November 2012

පෝද්දල ඝාතනයේ සැකකරුවන් නිදහස්

ගාල්ල, පෝද්දල දී පුද්ගලයින් සිව් දෙනෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිව් දෙනා මුදා‍ හැරීමට අධිකරණය නියෝග කොට තිබේ. පසුගිය 04 වැනිදා ගාල්ල, පෝද්දල, බලගොඩ ප්‍රදේශයේ අත්පා ගැට ගසා ඝාතනය කර තිබු තරුණයන් සිව් දෙනෙකුගේ මළ සිරුරු සොයා ගනු ලැබීය. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ පොලීසිය සැකකරුවන් හතරදෙනෙක් අත්අඩංගුවට ගත් අතර ඔවුන් ඊයේ (05) දිනයේ දී බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළහ. එහිදී සැකකරුවන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණය අවසර ලබාදුන්නේය. ඒ අනුව අදාළ සැකකරුවන් සිව් දෙනා අද දින කොට්ටාව සංචාරක ‍මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය. පෝද්දල පොලීසිය බී වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ පිළිබඳ ඉදිරිපත් කර තිබූ තොරතුරු අනුව අදාළ සැකකරුවන් මෙම සිද්ධියට කිසිදු සම්බන්ධයක් නොමැති බව මහේස්ත්‍රාත් මහින්ද පිනිදිය මහතා පැවසීය.

No comments:

Post a Comment