Saturday 1 December 2012

ඉදල්ගස්හින්නේ මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

හපුතලේ, ඉදල්ගස්හින්න ප‍්‍රදේශයේ පවත්වා‍ගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වටලා තිබේ. එහිදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. අදාළ ස්ථානයේ තිබී මත්පැන් නිෂ්පාදනය සඳහා යොදාගන්නා උපකරණ කිහිපයක් ද සොයාගෙන තිබේ. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා හපුතලේ පොලීසිය වෙත භාර දුන් බව විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය

No comments:

Post a Comment