Saturday 1 December 2012

රට රැකියාවට ගිය සමන්තීට මොකද වුණේ...?

සීගිරිය බටුයාය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවක් සෞදි අරාබියට ගොස් ගෘහ සේවිකාවක් වශයෙන් රැකියා කරමින් සිටියදී හාම්පුතාගේ පහරකෑමට ලක්ව මියගොස් ඇති බවත් ඊට සාධාරණයක් ඉටුකරන ලෙසත් ඉල්ලමින් එම ප්‍රදේශයේ ජනතාව අද (01) සීගිරියට ප්‍රවේශ වන මාර්ගය අවුරා ඉනාමළුව ප්‍රදේශයේදී විරෝධතාවයක නිරත විය. එම කාන්තාවගේ දේහය සහිත මිනී පෙට්ටියද මාර්ගයේ තැබූ ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ වහාම මේ සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකළ යුතු බවයි. 34 හැවිරිදි එම්. සමන්ති නැමැති එම එක් දරු මව 2008 වසරේදී සෞදි ආරාබි‍යට ගොස් මාස 3ක් වැනි කාලයකින් පසු නිවස සමග තිබු සියලු සබඳතා බිඳ වැටී ඇති අතර අවුරුදු 4 හමාරක් තිස්සේ ඇයට සිදුවුයේ කුමක්දැයි කිසිවක් නොදත් ඇයගේ සැමියා හා පුතා හැඬ කඳු‍ළින් සිට ඇතැයිද අප වාර්තාකරු කියයි. මේ එම විරෝධතාවයේ දසුන් කිහිපයකි.

No comments:

Post a Comment