Wednesday 12 December 2012

අයවැය පාටියට බැංකොක් ගිහින්

2013 වසර සඳහා වන අයවැය සම්මත කරගැනීමේ සතුට සැමරීමේ පාටියට දෙහිවල - ගල්කිස්ස නගරාධිපතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් බැකොක් බලා පිටත්ව ගොස් ඇතැයි වාර්තා වේ. මෙම වසරේ ජනවාරි මුලදී නගරාධිපතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේත් එක්සත් ජාතික පක්ෂයේත් මන්ත්‍රීවරු සිංගප්පූරුවේ සංචාරයක නිරිත වූයේ නගර සභාව ජනතාවගෙන් එකතු කරගත් මුදල්වලින් රුපියල් ලක්ෂ 98ක් වියදම් කරමිණි. නමුත් මේ දිනවල ගොස් සිටින සංචාරය සඳහා එජාප මන්ත්‍රීවරුන් රැගෙන ගොස් නැති බවද පැවැසේ. මීට අමතරව නගරාධිපතිවරයාත් නාගරික කොමසාරිස්වරයාත් සතියකට වරක් විවිධ කාරණා ඉදිරිපත් කරමින් විදෙස් සංචාරවල යෙදෙන බවත් ඒ සඳහා ජනතාවගෙන් එකතු කර ගන්නා මුදල් යොදාගන්නා බවත් වාර්තා වේ.

No comments:

Post a Comment