Friday, 1 February 2013
සූර් වූ මව සොහොයුරාට දියණිය බිලි දෙයි
තම සොහොයුරා සමග එකට මත්පැන් බී සූර් වූ වෙන්නප්පුව - කොළින්ජාඩිය ප්‍රදේශයේ මවක් 16 හැවිරිදි පාසල් වයසේ පසුවන තම දියණිය තම සොහොයුරාගේ ආශාවන් පිණවාගැනීම සඳහා බිලිදී ඇතැයි වාර්තාවේ.
එම මවත්, පියාත්, දුවත්, මවගේ දෙමාපියනුත් අතවරයට පත් ළාබාල දියණියගේ බාල සොහොයුරියත් එම ප්‍රදේශයේ උළු කර්මාන්තශාලාවක ලැයින් කාමරයක ජීවත්වී ඇති අතර ඇයගේ පියා පල්ලම ප්‍රදේශයේ වත්තක වැඩ කරමින් ජීවත් වී තිබේ.
මෙම අපරාධය කරන ලද පුද්ගලයාද පල්ලම ප්‍රදේශයේ සිට සතියකට පමණ වරක් කොළින්ජාඩියේ ලයින් කාමරවලට පැමිණ අතවරයට පත් දියණියගේ මවත් සමග මත්පැන් පානය කිරීමට පුරුදු වී සිටි ඇත. මෙම අපරාධය සිදුවූ දිනයේද පුරුදුපරිදි මවත් ඇයගේ සොහොයුරාත් මත්පැන්පාණයකර ඇති අතර එදින මෙම තරුණිය තම මවගේ අනුදැනුමද ඇතිව අතවරයට ලක්කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසියේ අපරාධ අංශය පරීක්‍ෂණ පවත්වන අතර, අපරාදය සිදුකළ 48 හැවිරිදි මාමාව අත්අඩංගුවට ගෙන ඇත.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment