Friday, 1 February 2013
ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ශූරියන් පරදවයි
ලෝක ශූර එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරදවමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මීට ස්වල්ප මොහොතකට පෙර කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවූ පළමු තරගය ජයග්‍රහණය කර තිබේ.
මුම්බායිහි පැවැති මෙම තරගයේදී එංගලන්ත කණ්ඩායම පරදවමින් කඩුල්ලක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්වී තිබේ.
එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ට ලකුණු 238 ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 242 ක් ලබාගනිමින් ජයග්‍රහණය සටහන් කර ඇත.
ලාංකීය කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කළ පළමු අවස්ථාව මෙය වේ.
මෙම තරගයේ වීරවරිය ලෙස ඇගයීමට පාත්‍රවූයේ ඒෂිනී කෞෂල්‍යයාය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment