Saturday, 9 February 2013

අධිරාජ්‍යවිරෝධී පාගමන හා රැලිය අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු කේ. ඩී. ලාල් කාන්ත මහතා.

අධිරාජ්‍යවිරෝධී පාගමන හා රැලිය සමහරු සිංහල මුස්ලිම් ගැටුමක් නිර්මාණය කරමින් ඛෙදුම්වාදය පෝෂණය කරමින් සිටිනවා. අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු කේ. ඩී. ලාල් කාන්ත මහතා. "අද වෙනකොට අපේ රටේ විවිධ ප්‍රශ්න මතුවී තිඛෙනවා. එකක් දෙකක් නෙමෙයි. අග්‍රවිනිශ්චයකාර තුමිය පළවාහැරීම සඳහා ආණ්ඩුව වැඩපිළිවෙළක් දියත් කළා. ඒ හරහා අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳවත් ව්‍යවස්ථාදායකයේ, විධායකයේ, අධිකරණයේ බල තුලනය පිළිබඳවත් සාකච්ඡා ගොඩක් තිබුණා. මේ ආණ්ඩුව ගෙනියන අත්තනෝමතික ක්‍රියාකාරකම්වලට එරෙහිව ඉහළ නීතිඥ මහත්වරුන් ඇතුළු විවිධ කණ්ඩායම් පාරට බැස්සා. දැන් ඒ සටන කෝ? ඒකට මොකද වුණේ? දැන් අධිකරණයේ ස්වාධීනත්වය තියෙනවාද? මෙතනින් එහාට වෙන්නෙ මොකක්ද? එහෙම සාකච්ඡාවක් රටේ පවතිනවා. ඒ අතර මේ මාසේ 25 වෙනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ජිනීවාවල ආරම්භ වෙනවා. ඒක විසිදෙවෙනි සමුළුව. ඒ සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව තිබුණු යෝජනාවලට අමතරව අලුත් යෝජනා සම්මත කරනවා කියල දැන් කියනවා. අමෙරිකානු නියෝජිතයන් ලංකාවට එනවා, යනවා. විවිධ දේශපාලන පක්ෂත් එක්ක, කණ්ඩායම් එක්ක සාකච්ඡා කරනවා. ආණ්ඩුවේ පාර්ශ්ව එක්ක කතාකරනවා. ඒනිසා අධිරාජ්‍යවාදීන්ගේ බලපෑමක් ගැන දැන් සාකච්ඡාවක් පැනනැගිලා තියෙනවා. ඔවුන් මැදිහත්වෙන්නෙ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හරහා. අධිකරණයේ ස්වාධීන්තවය කියන කාරණාවත් දැන් ඒකට ඇතුළත් කෙරිලා තියෙනවා. අධිකරණයේ ස්වාධීනත්වයට කලින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයක් ආවා. දින සීයක වැඩවර්ජනයක් කළා. අවසානයේදී ආණ්ඩුව සාකච්ඡාකරල යම් එකඟතාවන්ට ඇවිල්ලා නතර වුණා. නතරකරන වේලාවෙ මුළු රටේම ජනතාව ඇහුවා අධ්‍යාපනයට වෙන්කරන්න කීව 6%ට මොකද වුණේ කියලා. විශ්වවිද්‍යාල ආචාර්යවරු වෘත්තීය අයිතිවාසිකම් ප්‍රමාණයක් සටනින් දිනාගත්තා. අධ්‍යාපනයට 6%ක් වෙන් කරගැනීම පිළිබඳව ප්‍රශ්නය සමාජය ඉස්සරහ නතරවෙලා තියෙනවා. ඒක දිනාගන්නැද්ද? අධිකරණයේ ස්වාධීනත්වය දිනාගන්නැද්ද? අධිරාජ්‍යවාදීන්ගේ බලපෑම තොරකර ගන්නේ නැද්ද? මේ පෙළපාළි දෙක දෙපැත්තෙන් එනකොට රට ඉස්සරහ මේ ප්‍රශ්න තියෙනවා. බැලූ බැල්මට විසඳුම් නැහැ. විසඳුම් හොයන්න ඕනි. විසඳුම් හොයන්න පුළුවන්. විශ්වවිද්‍යාල ආචාර්වරුන්ගේ සටනත් එක්කම අය වැය ඉලක්ක කරගත්ත සටනක් පටන්ගත්ත බව ඔබට මතක ඇති. රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන්ට ලැඛෙන වැටුපෙන් ජීවත් වෙන්න බැහැ. ජීවන වියදම වේගයෙන් ඉහළ යනවා. ඒකට සරිලන වැටුප් ඉහළයන්නෙ නැහැ. රුපියල් 13,442 යි ශත 50ක් වැඩිකර ඉල්ලුවා. හත්සිය පනහක් හම්බවුණා. ඒකත් රාජ්‍ය අංශයට විතරයි. පෞද්ගලික අංශයට නැහැ. වතු ජනතාවට මොකුත් නැහැ. වතු ජනතාවට දෛනික වැටුප් නෙවෙයි. මාසික වැටුප් ක්‍රමයක් ඉල්ලනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරු, රාජ්‍ය සේවකයෝ, පෞද්ගලික අංශයේ සේවකයෝ, වතුකරයේ ජනතාව අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් තැන තැන සටන් තිඛෙනවා. ඒ අතර මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන ජාතිවාදි සටනක් නැවත රට තුළ මතුකරල ඉදිරියට අරගනිමින් තිඛෙනවා. මුහුදෙ රැල්ල වගේ මේ සටන් එකක් පසුපස එකක් එනවා. යනවා. මේවාට උත්තර හොයාගන්නෙ කොහොමද? විපක්ෂයක් තියෙනවද? කවුද මේවාට නායකත්වය දෙන්නෙ? කියන ප්‍රශ්න ගොඩක් ජනතාවට තියෙනවා. මේ වෙන කොට එළවළු මිල ඉහළ යාම පිළිබඳ ප්‍රශ්නය තිඛෙනවා. බැලූ බැල්මට මේ ප්‍රශ්නවලට උත්තර නැහැ. ඊළඟට කතාවෙනවා ඉදිරියේදී ජනමත විචාරණයක් ගෙන ඒම ගැන. මේ ආණ්ඩුවම තවත් දික්කරගන්න. ඒ ඒ වෙලාවට ඒ ඒ අය අරගල කරමින් ඉන්නවා. පහුගිය කලේ එල්. ටී. ටී. ඊ. සන්නද්ධ අරගලය පරාද කළා. නමුත් ඛෙදුම්වාදී අරගලය ඉවර නැතිබව අපි කීවා. රට ඛෙදීමේ අරගලය දැන් රාජ්‍ය තාන්ත්‍රීක හැඩයකින් එනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය පාවිච්චි කරගෙන ඛෙදුම්වාදී අරගලය කරන්න ඕන බව කරුණානිධි කියනවා. ඒකට අලුත් ජාතිවාදයන් අවුස්සන්න ඕනෑ. අලුත් ජාතිවාදයන් පෙළගස්සන්න ඕනෑ. එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා පාර කපාගෙන එන්නෙ. ඉදිරියේදී උතුරු නැගෙනහිර වෙනම ජනමත විචාරණයක් තියලා වෙන් වෙන්න කැමතියි කියන ජනමතය ගන්න. සිංහල ජනතාවයි, දෙමළ ජනතාවයි අතර විරසකය එහෙම්මම තියෙනවා. සන්නද්ධ අරගලය ඉවර වුණාට ඒක ඉවර නැහැ. ඒ නිසා දෙමළ ජනතාව කියයි වෙන්වෙන්න ඕනි කියලා. හැබැයි මුස්ලිම් ජනතාව ඡන්දය වෙන්වීමකට ගන්ඩ බැහැ. ඒ නිසා මුස්ලිම් ජනතාවත් වෙන්වීමකට අත උස්සන ජනතාවක් බවට පත්කරගන්න ඕනෑ. ඒකට සිංහල බෞද්ධ ජනයා සහ මුස්ලිම් ජනතාව අතර සතුරු ගැටුමක් නිර්මාණය කරන්න ඕනෑ. අධිරාජ්‍යවාදීන්ගේ දැන් උවමනාව ඒක. ජේ. ආර්. ජයවර්ධනලා, රනිල් වික්‍රමසිංහලා, කළු ජූලිය හදලා සිංහල ජනතාවයි දෙමළ ජනතාවයි අතර ජාතිවාදය ඇවිස්සුවා. විරසක කළා. අද කරන්නේ මුස්ලිම් ජනතාවයි සිංහල බෞද්ධ ජනතාවයි අතර විරසකයක්, සතුරු බවක් නිර්මාණය කිරීමයි. මේ තත්වය පරාද කරන්න ඕනෑ. පරාද කරන්න පුළුවන්. ඒකට සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා එකට පෙළගස්වන්න ඕනෑ. ජනමාධ්‍යවලට ගැහුවා ජනමාධ්‍ය ආයතනවලට ගිනි තිබ්බා. ලසන්ත වික්‍රමතුංග මහත්තයලාව මැරුවා. අදත් ඒවාට නීතිමය පියවර අරගෙන නැහැ. එක්නැළිගොඩල නැහැ. අතුරුදන් කරලා. අදත් මහපාරේ උද්ඝෝෂණ ඒවාට උත්තර නැහැ. පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ආපහු ගෙනල්ලා කඩිමුඩියේ සම්මත කරන්න හදනවා. මේ ප්‍රශ්න සියල්ලටම උත්තර හොයන්න ඕනෑ. ඒකට ජනබලයක් අවශ්‍යයි. අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරයේ මේ වේදිකාව සකස් වෙන්නේ ඒකට. වෙන් වෙන්ව සටන් කරන සියලු බලවේග එකට එකතුකරලා මහින්ද රාජපක්ෂලාටත් අධිරාජ්‍යවාදී බලවේගවලටත් දැවැන්ත පරාජයක් අත්කරලා ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ, මුසලිම් ජනතාවට එකට ජීවත්වෙන්න පුළුවන් සෞභාග්‍යමත් අනාගතයක් ගොඩනගන්නයි. ඒකට අවශ්‍යකරන වේදිකාව තමයි මේ නිර්මාණය වෙන්නෙ. මේ ආරම්භක අවස්ථාව. හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් නන්ද සිල්වා මැතිතුමා, ශිරාණි බණ්ඩාරනායක මැතිණිය, ගෝමින් දයාසිරි එස්. එල්. ගුණසේකර ජෙෂ්ඨ නීතිඥ මහත්වරු ඇතුලු සියලුදෙනා අධිකරණයේ ස්වාධීනත්වයක් අපේක්ෂා කරනවා නම්, ඒ උගත් බුද්ධිමත් මහත්වරුන්ට අපි එක දෙයක් කියනවා. අධිකරණයේ ස්වාධීනත්වය ඕනෑ තමයි. හැබැයි පවුල්වාදී ඒකාධිපති පාලනයකුයි අධිකරණයේ ස්වාධීනත්වයකුයි එකට නැහැ. උගත් බුද්ධිමත් මහත්වරුනි. ඒකාධිපති පවුල් වාදී පාලනයක් තියාගෙන අධිකරණයක ස්වාධීනත්වයක් තියාගන්න කවුරුහරි කල්පනා කරනවා නම් ඒක මෝඩකමක්. ඒකාධිපති පවුල්වාදී පාලනයත් එක්ක අධිකරණයේ ස්වාධීනත්වයක් තිබ්ඛෙ කොහෙද කියලා අපි අහනවා. ලෝකෙ කොහෙවත් තිබ්ඛෙ නැහැ. තියෙන්න බැහැ. ඒකාධිපති පවුල්වාදී පාලනයකුයි ජනමාධ්‍ය නිදහසයි තිබුණේ කොහෙද කියලා අපි මාධ්‍යවේදී මහත්වරුන්ගෙන් අහනවා. පුළුවන්නම් ලෝක ඉතිහාසයෙන් අරගෙන අපිට පෙන්නන්න. එහෙම ඒවා නැහැ. මේ රටේ ආර්ථීක නිදහසක් නැහැ. ව්‍යාපාරිකයන්ට නිදහසේ ආර්ථීක කටයුතු කරන්න බැහැ. අධිරාජ්‍යවාදී ඒකාධිපති පවුල්වාදී පාලනයක් තියෙන කොට ඒකට හැමදේම යටකරනවා. ඊට පස්සෙ රටේ ආර්ථීකය හසුරුවන්නෙ ව්‍යාපාරික ප්‍රජාවක් නෙවෙයි. පවුල්වාදී කල්ලිකයක්. ඒ අර්ථයෙන් ගත්තාම ආර්ථීකයේ ස්වාධීන්තවයක් නැහැ. ඒකාධිපති පාලනයකුයි ජීවන වියදම පහළ බැසීමකුයි කොහෙද තිබ්ඛෙ. කොහෙවත් නැහැ. ඒ නිසා ඒකාධිපති පවුල්වාදය පරදවන්න සියලු බලවේග එකට පෙළගැහෙන තුරු කාටවත් ජයග්‍රහණ නැහැ. අධිකරණයේ ස්වාධීනත්වයක් නැහැ. ජනමාධ්‍ය නිදහසක් නැහැ. කිසිම නිදහසක් නැහැ. ව්‍යවස්ථාදායකයේ, විධායකයේ, අධිකරණයේ බලතුලනයක් නැහැ. පවුල්වාදී ඒකාධිපති පාලනයකුත් එක්ක එහෙම බලතුලනයක් තියෙන්න බැහැ. පාර්ලිමේන්තුවට ස්වාධීනත්වයක් නැහැ. ඒක ඒකාධිපති පවුල්වාදී පාලකයන්ගේ ඇබිත්ත මඩුවක් පමණයි. අද පාර්ලිමේන්තුව ඇතුළෙ සටනක් ඇත්තෙක් නැහැ. පාර්ලිමේන්තුව ඇතුළෙ අරගල ඉවරයි. යම් අදහසක් කියන්න අවශ්‍ය නම් ඒක කියන්න විතරයි පුළුවන්. ඒ මිසක් ඒක ඇතුළෙ සටනක් නැහැ. වරදාන වරප්‍රසාද දීලා ගත්තාට පස්සෙ එතන සටනක් නැහැ. අද විපක්ෂයක් නැහැ. තියෙන්නෙ මහින්ද, රනිල් අතර හවුලක් විතරයි. අධිකරණය සම්බන්ධ සටනේදී ඒ බව දැක්කා. අද අගමැතිකම දෙන්න ඕනෑ රනිල් වික්‍රමසිංහට මිසක් වෙනකාටවත් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ හරියටම මෙම කාර්යභාරය ඉෂ්ට කරමින් ඉන්නවා. එකපැත්තකින් මහින්ද - රනිල් හොර හවුලක් තියෙන්නෙ. තව පැත්තකින් අධිරාජ්‍යවාදී බලපෑමක් තියෙනවා. මහින්ද රාජපක්ෂ ආවා කියලා මේ රටේ අධිරාජ්‍යවාදීන් පැන්නුවේ නැහැ. මහින්ද රාජපක්ෂ හොඳ අධිරාජ්‍යවාදී ගැත්තෙක්. අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රධාන ඕනෑකම කොල්ලකෑමයි, ශ්‍රමය සූරා කෑමයි. මහින්ද රාජපක්ෂ ඒකට ලොකු ඉඩක් හදා දී තියෙනවා. ඒ නිසා මහින්ද රාජපක්ෂ පන්නන්න අධිරාජ්‍යවාදීන්ට ඕනෑකමක් නැහැ. වෙනදාටත් වඩා හොඳට කොල්ලකන්න ඉඩදීලා තියෙනවා. හැබැයි ඒකාධිපති පාලකයෙක් ඉන්නකොට පාලකයයි, ක්‍රමයයි දෙකම ජනතාව විසින් පන්නනවා. අධිරාජ්‍යවාදීන් ඒකට කැමති නැහැ. ඒ නිසා ව්‍යවස්ථාදායකයේ, විධායකයේ, අධිකරණයේ සීමිත තුලනයක් ඕනෑ. සීමිත ප්‍රජාතන්ත්‍රවාදයක් ඕනෑ. සීමිත මානව හිමිකම් රකින්න ඕනෑ. මහින්ද රාජපක්ෂට ජිනීවාවල කට්ටිය කියන්නෙ තව පොඩ්ඩක් දෙන්න කියලයි. එහෙම නොවුණෙත් ඒකාධිපති පවුල්වාදයයි අධිරාජ්‍යවාදී කොල්ලකෑමයි දෙකම නතර කිරීමට ජනතාව වේගයෙන් පෙළගැහෙනවා. ඒක නිසා මානව හිමිකම් පොඩ්ඩක් දෙන්න කියනවා. ජේ. ආර්. ගේ ගාණට යන්න තියෙනවා. ක්‍රමය බේරලා ඔයා යන්න කියනවා. ධනපති ක්‍රමයට ප්‍රශ්නයක් නොවෙන්න, අධිරාජ්‍යවාදී කොල්ලකෑමට ප්‍රශ්නයක් නොවෙන්න කටයුතු කරගෙන යන්න ටොකු අනිනවා. ටොකු ඇන්නට මහින්ද රාජපක්ෂට එරෙහිව අධිරාජ්‍යවාදීන්ගේ බැලපෑමක් නැතිබව මතක තියාගන්න. ඒ සඳහා තමයි ජිනීවා නුවර දී යෝජනා සම්මත කළේ. එහෙම නැතුව මහින්ද රාජපක්ෂ අධිරාජ්‍යවාදී බලපෑමට විරුද්ධ නිසා නෙවෙයි. ඒනිසා අද මහින්ද රාජපක්ෂත් අධිරාජ්‍යවාදී බලපෑමත් දෙකම එකට තියලා පරාද කරන්න පුළුවන් දැවැන්ත බලවේගයක් අවශ්‍යයි. තැන තැන කරන අරගල එක වේදිකවකටගේන ජනතා ව්‍යාපාරයක් අවශ්‍යයි. එකට සටන්කරලා එකට ජයග්‍රහණ අරගන්න මේ වේදිකවට එන්න කියලා සියලුදෙනාටම ආරාධනා කරනවා."

No comments:

Post a Comment