Wednesday 10 April 2013

ලාංකීය දේශපාලන ගමන් මග වෙනස් කරමින් නිර්ධන පාන්තිකයන්ගේ අසම සම පරිත්‍යාගශීලී කැප කිරීම් ප්‍රායෝගිකව ඔප්පු කල උපතිස්ස ගමනායක සහෝදරයා

මාක්ස්වාදය ඉතිහාසය තුල හුදකලා තනි වීරයන්ගේ වීර වික්‍රමාන්විතයන් ප්‍රතික්ෂේප කරයි. එහෙත් ඉතිහාසය ගොඩ නැගීමේදී විශේෂ පුත්ගලයන්ගේ විශේෂ දායකත්වය ප්‍රතික්ෂේප නොකරයි. මන්ද එවැනි පුත්ගලයන්ද ඉතිහාසයේ අවස්යතාවයන් ගේ නිර්මාණයන්ය. ඉතිහාසය සුවඳවත් වුයේ පාරාර්තකාමී මිනිසුන්ගේ අව්‍යාජ්‍ය කැප කිරීම් මතය. මේ එවන් මිනිසෙකුගේ ආවර්ජනයක්...... උපතිස්ස ගමනායක සහෝදරයා ලාංකීය දේශපාලන ගමන් මග වෙනස් කරමින් නිර්ධන පාන්තිකයන්ගේ අසම සම පරිත්‍යාගශීලී කැප කිරීම් ප්‍රායෝගිකව ඔප්පු කල සටනක් ලෙස 71 අරගලය දකින්නෙමු. ඒ අරගලයට නව යොවුන් තරුණයෙකු ලෙස එක්වූ උපතිස්ස ගමනායක නම් විප්ලවවාදියා අවුරුදු ගණනාවක් බන්ධනාගාර ගත කෙරුණි. විප්ලවවාදියෙකු ලෙස සිය පන්ති යුතුකම නිසි අයුරින් ඉටු කිරීමට 1976 දෙසැම්බර් හදිසි නීතිය ඉවත් කිරීමෙන් ලැබූ නිදහස උපයෝගී කරගත්තේය. පසුව රෝහණ විජේවීරයන් ගේ නිදහස වෙනුවෙන් රට පුරා සංවිදානය ගොඩ නැගීම සිය උරමතට ගෙන අපිරිමිත කැපකිරීම් කරන ලදී. අරගලයෙන් පසුව උදා වන විවිද කල්ලි හා මතවාද මැද දේශපාලන ව්‍යාපාරය ඉරි තැලී තිබුණි. එවන් සමයක පක්ෂයේ නිල අයිතිය හිමි කරගනිමින් මුල්ම පුවත් පත් සාකච්චාව තබමින් දැවැන්ත පියවරක් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල සනිටුවන් කළේය පසුව ජ.වි .පෙ. වැඩ බලන ලේකම් ලෙස කටයුතු කල ගමනායක සහෝදරයා 1977 පැවැත්වූ ඓතිහාසික හයිඩ් පිටියේ රැලිය සුදානම් කරමින් ජ.වී.පෙ . ලේ ගංගාවක ගිල්වා මරා දැමිය නොහැකි සැබැ වමේ ව්‍යාපාරයක් බව ධනපති ආණ්ඩුවට පෙන්වීය. නැවතත් 1983 දී ජේ.ආර් . ගේ පාලනය විසින් අන්තොනමතික ලෙස පක්ෂය තහනම් කරමින් යලිත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් පලවා හරින විට එවකට සිටි හාන්සි පුටු ලේකම් වරුන් සිය කැමැත්තෙන්ම රජයේ අත්අඩංගුවට පත් වෙන විට සිය පන්තියේ යුතුකම ජීවිතයට වඩා ඉහලින් තබා දුෂ්කර අවස්තාවේදී නැවත පක්ෂ ලේකම් තනතුරට පත් විය. 1983 සිට 1989 වනතෙක් රහසිගතව දේශපාලනය කරමින් අරගලයට නායකත්වය දුනි. අනතුරුව ඔහු රජයේ අත්අඩංගුවට පත්වන්නේ රාජ්‍ය ඔත්තු සේවා වල දක්ෂ කමට නොව නීච පාවාදීමක ප්‍රතිපලයක් ලෙසය. ධනපති වදකාගාර මැද එකදු සුසුමක් හෝ නොහෙලා සතුරා ඉදිරියේ වීරයෙකු ලෙස සිය ප්‍රාණය මුදා හල ඔබ අසහාය විප්ලවවාදියෙකි. ගෙවන සෑම දිනකම ලක් දිව ගං දනව් සිසාරා විසිරී සිටින පීඩිත කම්කරුවෙකුගේ හදවතක , පුංචි පැල්පතක , ගොවි බිමක දහදිය කඳුළු වගුරන ගොවිබිමක ඔබගේ අව්‍යාජ්‍ය සිනහව ..පරිත්යාගශීලිත්වය හා නිකැළැල් විප්ලවීය දේශපාලන මතකයන් රැදී පවතිනු ඇත. නොසැලී, නොකිලිටිව හඩ අවදි කල ඔබ , පන්තියේ උස් නිදහස වෙනුවෙන්ම දළ දන් දුන් ඇතෙක් සේ සියල්ලම කැප කරමින් පන්ති සගයාට ආදර්ශයක් ගෙන දුන්නේය.. කිසිදු වරප්‍රසාදයක් හිමි නොවූ ඔබ මෙරට දේශපාලන ප්‍රවාහය තුල අසම සම මතක සටහනක් තැබූ සැබැ මාක්ස් ලෙනින්වාදී විප්ලවවාදියෙකි. ජනතාව ඉදිරියේ දස අතේ දිවුරා වරප්‍රසාද හා වරදාන ඉදිරියේ සිය දේශපාලනය උකස් කරන කුහක සමාජයක දේශපාලනය යනු මුළු මහත් සමාජයම අවදි කරන , එතුලින් මිනිස් වර්ගයාට වඩා හොඳ හෙට දිනක් බවට පත් කරන අති දුෂ්කර ගමන් මගක් ලෙස පීඩිත දේශපාලනය තෝරාගත් විශිෂ්ටතම විප්ලවවාදියෙකු ලෙස ඔබ දකින්නෙමු. සුසුදු සොහොන් කොත් , මනරම් ස්මාරක වලින් තොර වූ විප්ලවීය ගමන් මග තුල ඔබගේ අසම සම කැප කිරීම, සටන්කාමීත්වය ලොව ඉතිහාසය ලියවන තෙක් විප්ලවවාදීන් ගේ හදවත තුල මහත් අභිමානයකින්සනිටුවන් වනු ඇත.

No comments:

Post a Comment