Tuesday 30 April 2013

අතරමංව සිටින ලාංකික ශ‍්‍රමිකයන් පිළිබඳව එතෙර අපි ඇමති සමග සාකච්ඡාවක

අතරමංව සිටින ලාංකික ශ‍්‍රමිකයන් පිළිබඳව විදේශ රැකියා ප‍්‍රවර්ධන ඇමතිවරයා සමග එතෙර අපි සංවිදානය විසින් ඊයේ සාකච්ඡාවක නිරතවූ බවත් එහිදී රකඟතා රැසකට පැමිනීමට හැකිවූ බවත් එම සංවිධානය මාධ්‍යනිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එහි සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජවිපෙ මධ්‍යමකාරක සභික ලක්ෂ්මන් නිපුනආරච්චි මහතාගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.
"සෞදි අරාබිය තුළ අතරමංව සිටින ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන්ගේ ගැටළු පිළිබඳව එතෙර අපි සංවිධානය විසින් විදේශ රැකියා ප‍්‍රවර්ධන ඇමතිවරයා වෙත යොමුකළ ලිපියට අනුව විශේෂ සාකච්ඡාවක් අමාත්‍යංශයේ ඇමති තුමාගේ නිල කාර්යාලයේදී ඊයේ (29) සවස පැවැත්විණි.
මෙම සාකච්ඡාවට එතෙර අපි සංවිධානය වෙනුවෙන් එහි සභාපති ලක්‍ෂ්මන් නිපුණආරච්චි මහතා, නීති ලේකම් ජානක අධිකාරී මහතා, සංවිධායක ලේකම් හේමන්ත වීරකෝන් මහතා සහභාගී වූහ. අමාත්‍ය ඩිලාන් පෙරේරා, විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති අමල් සේනාධිලංකාර හා සාමාණ්‍යාධිකාරී රන්දෙනිය යන මහත්වරුන් අමාත්‍යංශය වෙනුවෙන් සම්බන්ධ විය.
මෙම සාකච්ඡාවේදී සෞදියේ අතරමන්වී සිටින පිරිස් මුහුණ දෙන තත්වය පිළිබඳවත් ඉක්මණින් ගත යුතු ක‍්‍රියාමාර්ග පිළිබඳවත් දැඩි අවධානය යොමු විය. එහිදී ශ‍්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය පිරිස ගෙන්වා ගැනීම සඳහා කඩිනමින් කටයුතු කිරීමට අවශ්‍ය කටයුතු පිළිබඳවත් මේ වනවිට 75ක පමණ පිරිසක් පළමු කාණ්ඩය ලෙස සූදානම් කිරීම ගැනත් එහිදී ගුවන් ටිකට පත් ගාස්තුව පිළිබඳව ඇතවී තිබෙන ගැටළු සඳහා විසඳුම් ලබා දීමටත් තීරණය විය. විශේෂයෙන් ආර්ථික අපහසුතාවයෙන් සිටින අය පිළිබඳව විශේෂ අවධානයකින් කටයුතු කිරීමට සාකච්චාවේදී එකඟතාවයකට එළඹිණි.
සෞදි අරාබියේ තත්වයට අමතරව සයිප‍්‍රසය ඇතුළු යුරෝපා රටවල පැන නැගී ඇති සමහර තත්වයන් පිළිබඳවත් ඉදිරියේදී එළැඹීමට බලාපොරොත්තු වන අවබෝධතා ගිවිසුම් වලදී ශ‍්‍රමිකයින්ගෙන් කපා ගන්නා රක්‍ෂණ අරමුදල නැවත ලබාගැනීමට ගිවිසුමකට එළඹීම පිළිබඳවද සාකච්චා විය."

No comments:

Post a Comment