.
Saturday, 6 April 2013
Video: රතු ලංකාව අපිටයි හිමිවනු ඇත්තේ - ජවිපෙ
1971 අරගලයේදී දිවි පිදූ විරුවන් සිහිකරන අප්‍රේල් විරු සමරුව 42 වෙනි වරටත් ජවිපෙ විසින් පවත්වනු ලැබීය. ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අරසිංහ, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුලු නායකයින්ගේ ප්‍රධානත්වයෙන් 05වෙනි දින සවස 3.30ට කුරුණෑගල YMBA ශාලාවේදී පැවැත්වූ මෙම සමරු වැඩසටහනට ජවිපෙ සාමාජිකයින් විශාල ප්‍රමාණයක් සහභාගී වී සිටියහ. එහිදී අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ අප්‍රේල් විරුවන්ගේ බලාපොරොත්තුව වූයේ සමාජයවාදී ජයග්‍රහණය සහිත රතු ලංකාවක් බවයි. 71 අරගලයේදී දිවිදුන් සගයින්ගේ බලපොරොත්තුව ඉටුකිරීම සඳහා ජවිපෙ කැපවීමෙන් කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මෙහිදී අදහස් දැක්වූ ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මහතා කියා සිටියේ 71 අරගලය මෙරට සිදුවූ ප්‍රථම ජනතා නැගීම බවත් ජවිපෙ ආදර්ශයට ගන්නේ ඔවුන්ගේ දේශපාලන අත්දැකීම් බවත්ය.
Watch live video from jvplive on Justin.tv
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment