එංගලන්තයේ
ධනවත් හා උගත් පරපුරට හිමිකම් කියන දෙමව්පියන්ට දාව චාල්ස් ඩාවින් 1809
පෙබරවාරි 12 දින උපන්නේය. ඔහු වයස අවුරුදු 8 ක් පමණ ළදරු වියේ සිට මල්,
ගල් හා බොරළු එකතු කරමින් සොබාදහමට ලැදියාව දැක්‌වූයේය. පියා ඔහු යෑවූ
පාසලේ ඉගැන්වූයේ තමන් ප්‍රිය දේ නොව අප්‍රිය දේය. ඔහු කැමැති වූයේ
සොබාදහම ගැන ලියූ පතපොත කියවීමටය. පාසලේ දක්‌ෂතා ඇති සිසුන් කීර්ති,
ප්‍රශංසා හා සම්මාන ලැබුණද ඒ කිසිවක් ළමා චාල්ස් ට ලැබුණේ නැත. පලක් ඇති
වැඩක් පාසලේ දී නොකළ නිසා අවුරුදු 07 ක් එහි ඉගෙනීමක් ලද පසු
ගුරුවැන්ගේ උපදෙස් පිට චාල්ස්‌ගේ පියා ඔහුව පාසලෙන් අස්‌කරවා ගත්තේය.
ඉන්පසු ඔහුගේ පියා තරුණ වියේ චාල්ස්‌ව එඩින්බරෝ වෛද්ය විද්යාලයට ඇතුළු
කළේය. චාල්ස්‌ට වෛද්ය විද්යාව ද නීරස විය. කායච්ඡේද විද්යාව ඉගැන්වූ
මහාචාර්යවරයා ලියූ නිබන්ධය ඔහු මෙන්ම නොපැහැදිලි බව ප්ර්කාශ කළේය. අවුරුදු
02 ක් වෛද්ය විද්යාව හැදෑරීමෙන් පසු ශල්‍යකර්ම කිරීමේ ප්රායෝගික
අධ්යනයන්ට සහභාගි වූයේය. සැත්කම් ඉවසීමට නොහැකිව ලෙඩුන් දෙන මරලතෝනි හඬ
අසා ශල්‍යගාරයෙන් පැන දිව්වේය. දැන් ඔහු අවුරුදු 17 ක තරුණයෙකි. වෛද්ය
විද්යාලයට ආයුබෝවන් කියූ ඔහු ස්‌වාභාවික විද්යා කෙරෙහි අවධානය යොමුකොට
දැනුම වර්ධනය කර ගත්තේය. ධීවරයන් හා සතුන් අල්ලන මිනිසුන් වෙත ගොස්
නොයෙක් දේ ඉගෙන ගත්තේය. ගල් පර්වතයක් දැක මේ ගල මෙහෙට ආවේ කෙසේදැයි
විමර්ශනය කළේය.
වයස අවුරුදු 19 ක් පිරුණු විට දේවගැතියකු වීමට
පවුලේ අය චාල්ස් ඩාවින්ට යෝජනා කළේය. මේ තීරණය ද කලින් තීරණ මෙන් හොඳ යෑයි
සිතූ හෙයින් ඔහු එයට කැමැති විය. ඒ සඳහා අධ්යාපනය ලබාගත යුතු නිසා
කේම්බිඡ් විශ්වවිද්යාලයට ඇතුළත් විය. එහිදී සෙල්ලක්‌කාර තරුණයන් සමග එකතු
වී විනෝද වූවා මිස ඉගෙනීමට නියමිත ප්රමාණයට පාඩම් කළේ නැත. එහෙයින් උපාධි
ලැයිස්‌තුවේ 10 වැනියා වෙමින් වර්ෂ 1831 දී කලා උපාධියක් දිනා ගත්තේය.
විශ්වවිද්යාල ජීවිතයේ දී ඩාවින්ට හමුවූ උද්භිද විද්යා මහාචාර්ය හෙන්ස්‌ලෝ
නිසා ඔහුගේ අරමුණ ඉටුකර ගැනීමට මඟපෑදුණි. ඔහුගේ උපදෙස් පරිදි දකුණු
ඇමරිකානු පැසිපික් සාගරයේ දේශ ගවේෂණ, සංචාරය සඳහා සහභාගි විය. දැන් ඔහුගේ
වයස අවුරුදු 22 කි. බීගල් නෞකාවේ නැඟ නොයෙක් දූපත්වල සංචාරය කරමින් ගංගා,
නිම්න, ගල් හා පර්වත නිරීක්‌ෂණය කළේය. කොරල් පර, කුරුල්ලන් හා ඉදිබුවන් ගැන
නිරීක්‌ෂණ කටයුතුවල නිරත විය. ඔහු සාම්ප්රදායික ඉගැන්වීමට අකමැති වූවත්
සොබාදහම ගැන විපරම් මනසකින් යුත් තරුණයෙක් විය.
බීගල් සංචාරයෙන්
පසු එංගලන්තය වූ තම මව් රටට බොහෝ දේ රැගෙන ආවේය. නමුත් ඒවා තබා ගැනීමට
තැනක් නොවීය. පස් අවුරුදු බීගල් සවාරිය ගැන 1837 දී පොතක් ලිව්වේය. එයට
පෙර ලයෙල්ගේ භූ විද්යා මූලධර්ම පොත ඇසුරෙන් සොබාදහමේ නිපැයුම් ගැන
විමසිලිමත්ව පර්යේෂණයේ යෙදුණේය. සොබාදහමේ විවිධත්වය ගැන අවධානය යොමුවිය.
ස්‌වාභාවික විපත් ගැන විපරමින් සිටියේය.
ජීව විශේෂයන් බිහි වන්නේ
ස්‌වාභාවික මරණය යන සංකල්පය මත යෑයි ඩාවින් විද්යාත්මක නියමයන් නිර්මාණය
කළේය. සත්ව විශේෂයන් වෙනස්‌වීමට තුඩු දෙන්නේ මේ නියාමය යෑයි ඔහු පැහැදිලි
කළේ නොපැකිළිවය. "පරිසරයට උචිතයා අනුවර්තනය වේ. එසේ නොහැකි වූ විශේෂයන්
වඳවී යයි". මෙම න්යායන් සඳහා ඩාවින්ට උපකාරී වූයේ ජෛව විද්යායත්මක සාධක
නොවේ. සමාජ ආධිපත්ය දරන බලවතා විසින් දුබලයා සූරාකෑම වැනි කරුණුය. පරිණාමය
ගැන මූලික සැලැස්‌ම ඩාවින්ගේ සිතේ පිළිසිඳ අවුරුදු 20 ක් ගතවූ පසු 1959 දී
ඔහු "ජීවීන්ගේ සම්භවය" කෘතිය ලිව්වේය. ඒ ඔහුගේ මතය ප්රකාශ නොකර සිටීමට
බැරි අවස්‌ථාවේදීය. පරිණාමය පිළිබඳ ඇල්බට් රසල් වොලස් ද එවැනි න්යායක්
සොයාගත් බැව් දැනගත් විටය. ඒ සඳහා වොලස් කළ සියලු පර්යේෂණ තොරතුරු ඩාවින්ට
ලබා දුන්නේය. එම උදාර පරිත්යා ගයෙන් ඩාවින් ප්රබෝධමත් විය.
චාල්ස් ඩාවින්ගෙන් පරිණාමවාදී සංකල්පය නිසා මුළු ලොවම සලිත විනි.
ආගම්වාදීන් හා සම්ප්රදායික විද්යාත්මක පර්යේෂකයන් මරහඬ තැළුවේය. එහිදී ඔහුට
ශක්‌තියට තවත් කෙනෙකු එක්‌විය. ඔහු හක්‌ස්‌ලි ය. ඩාවින්ගේ මතවාදයන්
නිර්භයව ප්රකාශ කළේ හක්‌ස්‌ලිය. හක්‌ස්‌ලිගේ ශක්‌තියෙන් ඩාවින් විසින්
ඉන්පසු මිනිසාගේ සම්භවය ලියුවේය. එහිදී ද සිදු වූයේ මහා ගාලගෝට්‌ටියකි.
ඩාවින් විද්යාවවට කරන ලද සේවය පසුව ඇගයීමට ලක්‌විය. මෙහිදී එංගලන්තයේ
කතෝලික පල්ලිය ප්රකාශ කොට සිටියේ ඩාවින්ගෙන් සමාව අයෑදීමට සුදුසුම කාලය
පැමිණ බවයි.
ඩාවින් වැරැදි ආකාරයට තේරුම් ගැනීමත්, ඩාවින්ගේ නියමයන්ට විරුද්ධව පල්ලිය දැක්‌වූ වැරැදි ප්රතිචාරත් නිසා එසේ සමාව අයෑද සිටින බවය.
ඉන්පසු ඔහුගේ පියා තරුණ වියේ චාල්ස්‌ව එඩින්බරෝ වෛද්ය විද්යාලයට ඇතුළු කළේය. චාල්ස්‌ට වෛද්ය විද්යාව ද නීරස විය. කායච්ඡේද විද්යාව ඉගැන්වූ මහාචාර්යවරයා ලියූ නිබන්ධය ඔහු මෙන්ම නොපැහැදිලි බව ප්ර්කාශ කළේය. අවුරුදු 02 ක් වෛද්ය විද්යාව හැදෑරීමෙන් පසු ශල්‍යකර්ම කිරීමේ ප්රායෝගික අධ්යනයන්ට සහභාගි වූයේය. සැත්කම් ඉවසීමට නොහැකිව ලෙඩුන් දෙන මරලතෝනි හඬ අසා ශල්‍යගාරයෙන් පැන දිව්වේය. දැන් ඔහු අවුරුදු 17 ක තරුණයෙකි. වෛද්ය විද්යාලයට ආයුබෝවන් කියූ ඔහු ස්‌වාභාවික විද්යා කෙරෙහි අවධානය යොමුකොට දැනුම වර්ධනය කර ගත්තේය. ධීවරයන් හා සතුන් අල්ලන මිනිසුන් වෙත ගොස් නොයෙක් දේ ඉගෙන ගත්තේය. ගල් පර්වතයක් දැක මේ ගල මෙහෙට ආවේ කෙසේදැයි විමර්ශනය කළේය.
වයස අවුරුදු 19 ක් පිරුණු විට දේවගැතියකු වීමට පවුලේ අය චාල්ස් ඩාවින්ට යෝජනා කළේය. මේ තීරණය ද කලින් තීරණ මෙන් හොඳ යෑයි සිතූ හෙයින් ඔහු එයට කැමැති විය. ඒ සඳහා අධ්යාපනය ලබාගත යුතු නිසා කේම්බිඡ් විශ්වවිද්යාලයට ඇතුළත් විය. එහිදී සෙල්ලක්‌කාර තරුණයන් සමග එකතු වී විනෝද වූවා මිස ඉගෙනීමට නියමිත ප්රමාණයට පාඩම් කළේ නැත. එහෙයින් උපාධි ලැයිස්‌තුවේ 10 වැනියා වෙමින් වර්ෂ 1831 දී කලා උපාධියක් දිනා ගත්තේය.
විශ්වවිද්යාල ජීවිතයේ දී ඩාවින්ට හමුවූ උද්භිද විද්යා මහාචාර්ය හෙන්ස්‌ලෝ නිසා ඔහුගේ අරමුණ ඉටුකර ගැනීමට මඟපෑදුණි. ඔහුගේ උපදෙස් පරිදි දකුණු ඇමරිකානු පැසිපික් සාගරයේ දේශ ගවේෂණ, සංචාරය සඳහා සහභාගි විය. දැන් ඔහුගේ වයස අවුරුදු 22 කි. බීගල් නෞකාවේ නැඟ නොයෙක් දූපත්වල සංචාරය කරමින් ගංගා, නිම්න, ගල් හා පර්වත නිරීක්‌ෂණය කළේය. කොරල් පර, කුරුල්ලන් හා ඉදිබුවන් ගැන නිරීක්‌ෂණ කටයුතුවල නිරත විය. ඔහු සාම්ප්රදායික ඉගැන්වීමට අකමැති වූවත් සොබාදහම ගැන විපරම් මනසකින් යුත් තරුණයෙක් විය.
බීගල් සංචාරයෙන් පසු එංගලන්තය වූ තම මව් රටට බොහෝ දේ රැගෙන ආවේය. නමුත් ඒවා තබා ගැනීමට තැනක් නොවීය. පස් අවුරුදු බීගල් සවාරිය ගැන 1837 දී පොතක් ලිව්වේය. එයට පෙර ලයෙල්ගේ භූ විද්යා මූලධර්ම පොත ඇසුරෙන් සොබාදහමේ නිපැයුම් ගැන විමසිලිමත්ව පර්යේෂණයේ යෙදුණේය. සොබාදහමේ විවිධත්වය ගැන අවධානය යොමුවිය. ස්‌වාභාවික විපත් ගැන විපරමින් සිටියේය.
ජීව විශේෂයන් බිහි වන්නේ ස්‌වාභාවික මරණය යන සංකල්පය මත යෑයි ඩාවින් විද්යාත්මක නියමයන් නිර්මාණය කළේය. සත්ව විශේෂයන් වෙනස්‌වීමට තුඩු දෙන්නේ මේ නියාමය යෑයි ඔහු පැහැදිලි කළේ නොපැකිළිවය. "පරිසරයට උචිතයා අනුවර්තනය වේ. එසේ නොහැකි වූ විශේෂයන් වඳවී යයි". මෙම න්යායන් සඳහා ඩාවින්ට උපකාරී වූයේ ජෛව විද්යායත්මක සාධක නොවේ. සමාජ ආධිපත්ය දරන බලවතා විසින් දුබලයා සූරාකෑම වැනි කරුණුය. පරිණාමය ගැන මූලික සැලැස්‌ම ඩාවින්ගේ සිතේ පිළිසිඳ අවුරුදු 20 ක් ගතවූ පසු 1959 දී ඔහු "ජීවීන්ගේ සම්භවය" කෘතිය ලිව්වේය. ඒ ඔහුගේ මතය ප්රකාශ නොකර සිටීමට බැරි අවස්‌ථාවේදීය. පරිණාමය පිළිබඳ ඇල්බට් රසල් වොලස් ද එවැනි න්යායක් සොයාගත් බැව් දැනගත් විටය. ඒ සඳහා වොලස් කළ සියලු පර්යේෂණ තොරතුරු ඩාවින්ට ලබා දුන්නේය. එම උදාර පරිත්යා ගයෙන් ඩාවින් ප්රබෝධමත් විය.
චාල්ස් ඩාවින්ගෙන් පරිණාමවාදී සංකල්පය නිසා මුළු ලොවම සලිත විනි. ආගම්වාදීන් හා සම්ප්රදායික විද්යාත්මක පර්යේෂකයන් මරහඬ තැළුවේය. එහිදී ඔහුට ශක්‌තියට තවත් කෙනෙකු එක්‌විය. ඔහු හක්‌ස්‌ලි ය. ඩාවින්ගේ මතවාදයන් නිර්භයව ප්රකාශ කළේ හක්‌ස්‌ලිය. හක්‌ස්‌ලිගේ ශක්‌තියෙන් ඩාවින් විසින් ඉන්පසු මිනිසාගේ සම්භවය ලියුවේය. එහිදී ද සිදු වූයේ මහා ගාලගෝට්‌ටියකි.
ඩාවින් විද්යාවවට කරන ලද සේවය පසුව ඇගයීමට ලක්‌විය. මෙහිදී එංගලන්තයේ කතෝලික පල්ලිය ප්රකාශ කොට සිටියේ ඩාවින්ගෙන් සමාව අයෑදීමට සුදුසුම කාලය පැමිණ බවයි.
ඩාවින් වැරැදි ආකාරයට තේරුම් ගැනීමත්, ඩාවින්ගේ නියමයන්ට විරුද්ධව පල්ලිය දැක්‌වූ වැරැදි ප්රතිචාරත් නිසා එසේ සමාව අයෑද සිටින බවය.
No comments:
Post a Comment