Tuesday, 20 November 2012
තවත් පාසල් දෙකක සිසුන්ට ආසාත්මිකතාවක්
අසාත්මිකතාවක් හේතුවෙන් බළංගොඩ උඩගම මහා විද්‍යාලයේ සිසුන් 20 දෙනෙකු රෝහල්ගත කර තිබේ.
බළංගොඩ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී ඩී.එම්.සී. දසනායක මහතා පැවසුවේ, අද පෙරවරුවේ පාසල ආරම්භ කිරීමෙන් අනතුරුව එම ළමුන්ගේ සමහි පලු මතු වී ඇති බවය.
රෝහලට ඇතුළත් කළ ළමුන්ගේ තත්ත්වය බරපතල නොවන බව වෛද්‍ය දසනායක මහතා සඳහන් කළේය.
එලෙස රෝහල්ගත කර ඇත්තේ වයස අවුරුදු 12 සහ 13 වියේ පසුවන දරුවන් පිරිසකි.
ඒ අතර ආසාත්මිකතාවයක් හේතුවෙන් අම්පාර ගාමිණී විද්‍යාලයේ සිසුන් 30 කු ද අම්පාර මහ රෝහලට ඇතුළත් කර තිබේ.
එහි වෛද්‍ය අධිකාරී වෛද්‍ය ලංකාතිලක ජයසිංහ මහතා පැවසුවේ, එම ළමුන් රෝහලේ, චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර සඳහා යොමු කළ බවයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment