Wednesday 29 May 2013

නාසි සංහාරකයා - ඇඩොල්ෆ් අයික්‌මාන් අත්අඩංගුවට ගැනීමට මොසාඩ් ඔත්තු සේවය කල මෙහෙයුම

ජර්මනියේ ස්‌වදේශිකයන්ට අයත් දේපළ හා ව්‍යාපාර වස්‌තු යුදෙව්වන් විසින් ක්‍රමානුකූලව අත්පත් කර ගනු ලැබීම සම්බන්ධයෙන් ඇඩොල්ෆ් හිට්‌ලර් අවසන් විසඳුම ලෙස ප්‍රකාශයට පත් කළේ මුළු ලෝකයේම සිටින යුදෙව්වන් සංහාරය කිරීමය. මේ අවසන් විසඳුම භාරව ක්‍රියා කළේ හිට්‌ලර්ගේ විශ්වාසවන්ත ඇමැතිවරයකු වූ ඇඩොල්ෆ් අයික්‌මාන් ය. ඒ අනුව II වැනි ලෝක යුද සමයේදී අයික්‌මාන්ගේ කාර්ය මණ්‌ඩලය විසින් හැට ලක්‍ෂයකට වැඩි යුදෙව් පිරිසක්‌ ගෑස්‌ කාමරවලට දමා මරා ඒ වෙනුවෙන් ම ඉදිකළ විශාල පෝරණුවල දමා පුළුස්‌සන ලදී. 1945 දී හිට්‌ලර් පරාජය වීමත් සමඟම අයික්‌මාන් ආර්ජන්ටිනාවට පැන ගියේය. ඉන් වසර 15 කට පසු ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවාව අයික්‌මාන් අත්අඩංගුවට ගත්තේය 

දෙවන ලෝක යුද්ධයේදී අයික්‌මාන් ඇමරිකන් අත්අඩංගුවට පත් විය. 1950 දී අත්අඩංගුවෙන් පැනගත් අයික්‌මාන් රිකාඩෝ ක්‌ලෙමන්ට්‌ යන ව්‍යාජ නම සහ ගමන් බලපත්‍ර යොදාගෙන ආර්ජන්ටිනාවට පැන ගියේය.අයික්‌මාන් අත්අඩංගුවට ගැනීම සඳහා වසර 15 ක්‌ තිස්‌සේ සිදු කළ මෙහෙයුම හඳුන්වනු ලබන්නේ Operarion Finale යනුවෙනි. ඊශ්‍රායලයේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අයික්‌මාන් වෙනුවෙන් හිබෲ බසින් Dybbuk යනුවෙන් නම් කෙරුණ ලිපි ගොනුවක්‌ තිබිණ. Dybbuk යනු ප්‍රේතයකු ගේ ආත්මයට හීබෲ බසින් කියන නම ය. වසර 15 ක්‌ තිස්‌සේ අයික්‌මාන් ආගිය තැන්වල පින්තූර සහ ඔහුවත් නොදත් ඔහුගේ පරම්පරාවේ ඉතිහාසය කතාව මේ ලිපිගොනුව තුළ ඇත. මොසාඩ් ඔත්තුකරුවන්, ආර්ජන්ටිනාවේ බුවනෝස්‌ අයර්ස්‌ නගරයේ සැඟව සිටි අයික්‌මාන්ගේ ඡායාරූප මුලින්ම ගන්නේ බී්‍රෆ් කේස්‌යකට සවි කරන ලද කුඩා කැමරාවකිනි. ඒ අතර මෙහෙයුමට භාවිත කළ වාහන සඳහා සෑදූ ව්‍යාජ අංක තහඩු, ඔහු අත්අඩංගුවට ගැනීමේදී යොදා ගත් අත්වැසුම් ඔහුට සිහි නැති කිරීමට ගසන ලද එන්නත් සිරින්ජය, ඔහු ආර්ජන්ටිනාවෙන් පිටතට ගෙන යැම සඳහා භාවිත කළ, ඔහුගේ ඡායාරූපය සහිත ව්‍යාජ ගමන් බලපත්‍රය යනාදිය මේ ලිපි ගොනුව සමඟ ඇත. 
1957 දී අයික්‌මාන්ගේ වැඩිමහලු පුත්‍රයා ආර්ජන්ටිනාවේදී යුදෙව් තරුණියක සමඟ ප්‍රේම සම්බන්ධයක්‌ පටන් ගත්තාය. ඇගේ පියා වන ලෝතර් හර්මාන් ජර්මන් ගෑස්‌ කාමරයකට යන්නට පෝළිමේ සිට අවසන් මොහොතේදී පන ගලවා ගත්තෙකි. සිය අනාගත මස්‌සිනා වන රිකාඩෝ ක්‌ලෙමන්ට්‌ගේ සැක කටයුතු ස්‌වරූපය දුටු අයික්‌මාන් තමා වැනිම යුදෙව්වකු වූ ෆට්‌ස්‌ බවර් නමැති මිතුරකුට ඔහු ගැන දන්වා ලිපියක්‌ යෑවීය. ෆට්‌ස්‌බවර් ඒ වන විට කටයුතු කළේ නාසි ජර්මනියට විරුද්ධ නඩුවේ නඩු අධ්‍යක්‍ෂ ලෙසය. ලිපිය කියෑවූ බවර් ඊශ්‍රායලයට ඔත්තුව දුන්නේය. මොසාඩ් ඒජන්තවරු ආර්ජන්ටිනාව බලා වහා පිටත් වූහ.

වසර දෙකකට පසු රිකාඩෝ ක්‌ලෙමන්ට්‌ගේ නිවස සොයා ගෙන එහි ඡායාරූපයත්, පවුලේ අයගේ ඡායාරූපයත්, ක්‌ලෙමන්ට්‌ගේ ඡායාරූපයත් ඊශ්‍රායලයට යවන ලදී. මේ ඡායාරූප අයික්‌මාන්ගේ ඡායාරූප සමඟ සස¹ බැලු විට එක සමාන බව පෙනී ගියේය. ඡායාරූපවල ඇති කනේ ස්‌වභාවය අයික්‌මාන්ගේ කනේ ස්‌වභාවය සමඟ සස¹ බැලූ විට සමානත්වය තවදුරටත් තහවුරු විය.

1960 මැයි 16 වැනිදා දවසේ වැඩ නිම කළ ඇඩොල්ෆ් අයික්‌මාන් බස්‌ නැවතුම්පලට පැමිණියේ ගෙදර බලා යනු පිණිසය. ඔහු එනතුරු මොසාඩ් සංවිධානයේ යුදෙව්වන් හත් දෙනකුගෙන් සමන්විත කණ්‌ඩායමක්‌ ඔහුගේ නිවස අසල බස්‌ නැවතුමේ බලා සිටියහ. බසයෙන් බැස්‌ස සැනින් ඔහු වෙත කඩා පිනූ මොසාඩ් කණ්‌ඩායම ඔහු බිම දමන ලද අතර අත් ආවරණයක්‌ සහිත තම එක්‌ ඒජන්තවරයෙක්‌ තම අත ඔහුගේ කට තුළට දැමුවේ, සාමාන්‍යයෙන් නාසි ප්‍රධානීන් කරන පරිදි කට තුළම දතකට සවිකර ඇති සයනයිඩ් කැප්සියුලය හපා සිය දිවි නසා ගැනීම වළක්‌වාලනු පිණිසය. අනතුරුව එන්නත මගින් ඔහු සිහි නැති කළේය.

අද ඊශ්‍රායලයේ Beti Hatfutstot කෞතුකාගාරය අයික්‌මාන් ඇල්ලීම සඳහා යොදා ගත් සියලු බඩු භාණ්‌ඩ, ඔහු සම්බන්ධයෙන් හුවමාරු වු ලිපි ලේඛන ප්‍රදර්ශනය කීරීමට පටන් ගෙන ඇත. මොසාඩ් කණ්‌ඩායම ඔහු රටින් පිට කළේ සිහි විසංඥ වූ ඊශ්‍රායල ජාතිකයකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඊශ්‍රායලයට ගෙන යන ආකාරයට ය.ජර්මනියේ ස්‌වදේශිකයන්ට අයත් දේපළ හා ව්‍යාපාර වස්‌තු යුදෙව්වන් විසින් ක්‍රමානුකූලව අත්පත් කර ගනු ලැබීම සම්බන්ධයෙන් ඇඩොල්ෆ් හිට්‌ලර් අවසන් විසඳුම ලෙස ප්‍රකාශයට පත් කළේ මුළු ලෝකයේම සිටින යුදෙව්වන් සංහාරය කිරීමය. මේ අවසන් විසඳුම භාරව ක්‍රියා කළේ හිට්‌ලර්ගේ විශ්වාසවන්ත ඇමැතිවරයකු වූ ඇඩොල්ෆ් අයික්‌මාන් ය. ඒ අනුව II වැනි ලෝක යුද සමයේදී අයික්‌මාන්ගේ කාර්ය මණ්‌ඩලය විසින් හැට ලක්‍ෂයකට වැඩි යුදෙව් පිරිසක්‌ ගෑස්‌ කාමරවලට දමා මරා ඒ වෙනුවෙන් ම ඉදිකළ විශාල පෝරණුවල දමා පුළුස්‌සන ලදී. 1945 දී හිට්‌ලර් පරාජය වීමත් සමඟම අයික්‌මාන් ආර්ජන්ටිනාවට පැන ගියේය. ඉන් වසර 15 කට පසු ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවාව අයික්‌මාන් අත්අඩංගුවට ගත්තේය

දෙවන ලෝක යුද්ධයේදී අයික්‌මාන් ඇමරිකන් අත්අඩංගුවට පත් විය. 1950 දී අත්අඩංගුවෙන් පැනගත් අයික්‌මාන් රිකාඩෝ ක්‌ලෙමන්ට්‌ යන ව්‍යාජ නම සහ ගමන් බලපත්‍ර යොදාගෙන ආර්ජන්ටිනාවට පැන ගියේය.අයික්‌මාන් අත්අඩංගුවට ගැනීම සඳහා වසර 15 ක්‌ තිස්‌සේ සිදු කළ මෙහෙයුම හඳුන්වනු ලබන්නේ Operarion Finale යනුවෙනි. ඊශ්‍රායලයේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අයික්‌මාන් වෙනුවෙන් හිබෲ බසින් Dybbuk යනුවෙන් නම් කෙරුණ ලිපි ගොනුවක්‌ තිබිණ. Dybbuk යනු ප්‍රේතයකු ගේ ආත්මයට හීබෲ බසින් කියන නම ය. වසර 15 ක්‌ තිස්‌සේ අයික්‌මාන් ආගිය තැන්වල පින්තූර සහ ඔහුවත් නොදත් ඔහුගේ පරම්පරාවේ ඉතිහාසය කතාව මේ ලිපිගොනුව තුළ ඇත. මොසාඩ් ඔත්තුකරුවන්, ආර්ජන්ටිනාවේ බුවනෝස්‌ අයර්ස්‌ නගරයේ සැඟව සිටි අයික්‌මාන්ගේ ඡායාරූප මුලින්ම ගන්නේ බී්‍රෆ් කේස්‌යකට සවි කරන ලද කුඩා කැමරාවකිනි. ඒ අතර මෙහෙයුමට භාවිත කළ වාහන සඳහා සෑදූ ව්‍යාජ අංක තහඩු, ඔහු අත්අඩංගුවට ගැනීමේදී යොදා ගත් අත්වැසුම් ඔහුට සිහි නැති කිරීමට ගසන ලද එන්නත් සිරින්ජය, ඔහු ආර්ජන්ටිනාවෙන් පිටතට ගෙන යැම සඳහා භාවිත කළ, ඔහුගේ ඡායාරූපය සහිත ව්‍යාජ ගමන් බලපත්‍රය යනාදිය මේ ලිපි ගොනුව සමඟ ඇත.
1957 දී අයික්‌මාන්ගේ වැඩිමහලු පුත්‍රයා ආර්ජන්ටිනාවේදී යුදෙව් තරුණියක සමඟ ප්‍රේම සම්බන්ධයක්‌ පටන් ගත්තාය. ඇගේ පියා වන ලෝතර් හර්මාන් ජර්මන් ගෑස්‌ කාමරයකට යන්නට පෝළිමේ සිට අවසන් මොහොතේදී පන ගලවා ගත්තෙකි. සිය අනාගත මස්‌සිනා වන රිකාඩෝ ක්‌ලෙමන්ට්‌ගේ සැක කටයුතු ස්‌වරූපය දුටු අයික්‌මාන් තමා වැනිම යුදෙව්වකු වූ ෆට්‌ස්‌ බවර් නමැති මිතුරකුට ඔහු ගැන දන්වා ලිපියක්‌ යෑවීය. ෆට්‌ස්‌බවර් ඒ වන විට කටයුතු කළේ නාසි ජර්මනියට විරුද්ධ නඩුවේ නඩු අධ්‍යක්‍ෂ ලෙසය. ලිපිය කියෑවූ බවර් ඊශ්‍රායලයට ඔත්තුව දුන්නේය. මොසාඩ් ඒජන්තවරු ආර්ජන්ටිනාව බලා වහා පිටත් වූහ.

වසර දෙකකට පසු රිකාඩෝ ක්‌ලෙමන්ට්‌ගේ නිවස සොයා ගෙන එහි ඡායාරූපයත්, පවුලේ අයගේ ඡායාරූපයත්, ක්‌ලෙමන්ට්‌ගේ ඡායාරූපයත් ඊශ්‍රායලයට යවන ලදී. මේ ඡායාරූප අයික්‌මාන්ගේ ඡායාරූප සමඟ සස¹ බැලු විට එක සමාන බව පෙනී ගියේය. ඡායාරූපවල ඇති කනේ ස්‌වභාවය අයික්‌මාන්ගේ කනේ ස්‌වභාවය සමඟ සස¹ බැලූ විට සමානත්වය තවදුරටත් තහවුරු විය.

1960 මැයි 16 වැනිදා දවසේ වැඩ නිම කළ ඇඩොල්ෆ් අයික්‌මාන් බස්‌ නැවතුම්පලට පැමිණියේ ගෙදර බලා යනු පිණිසය. ඔහු එනතුරු මොසාඩ් සංවිධානයේ යුදෙව්වන් හත් දෙනකුගෙන් සමන්විත කණ්‌ඩායමක්‌ ඔහුගේ නිවස අසල බස්‌ නැවතුමේ බලා සිටියහ. බසයෙන් බැස්‌ස සැනින් ඔහු වෙත කඩා පිනූ මොසාඩ් කණ්‌ඩායම ඔහු බිම දමන ලද අතර අත් ආවරණයක්‌ සහිත තම එක්‌ ඒජන්තවරයෙක්‌ තම අත ඔහුගේ කට තුළට දැමුවේ, සාමාන්‍යයෙන් නාසි ප්‍රධානීන් කරන පරිදි කට තුළම දතකට සවිකර ඇති සයනයිඩ් කැප්සියුලය හපා සිය දිවි නසා ගැනීම වළක්‌වාලනු පිණිසය. අනතුරුව එන්නත මගින් ඔහු සිහි නැති කළේය.

අද ඊශ්‍රායලයේ Beti Hatfutstot කෞතුකාගාරය අයික්‌මාන් ඇල්ලීම සඳහා යොදා ගත් සියලු බඩු භාණ්‌ඩ, ඔහු සම්බන්ධයෙන් හුවමාරු වු ලිපි ලේඛන ප්‍රදර්ශනය කීරීමට පටන් ගෙන ඇත. මොසාඩ් කණ්‌ඩායම ඔහු රටින් පිට කළේ සිහි විසංඥ වූ ඊශ්‍රායල ජාතිකයකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඊශ්‍රායලයට ගෙන යන ආකාරයට ය.
නාසි සංහාරකයා - ඇඩොල්ෆ් අයික්‌මාන් අත්අඩංගුවට ගැනීමට මොසාඩ් ඔත්තු සේවය කල මෙහෙයුම 

ජර්මනියේ ස්‌වදේශිකයන්ට අයත් දේපළ හා ව්‍යාපාර වස්‌තු යුදෙව්වන් විසින් ක්‍රමානුකූලව අත්පත් කර ගනු ලැබීම සම්බන්ධයෙන් ඇඩොල්ෆ් හිට්‌ලර් අවසන් විසඳුම ලෙස ප්‍රකාශයට පත් කළේ මුළු ලෝකයේම සිටින යුදෙව්වන් සංහාරය කිරීමය. මේ අවසන් විසඳුම භාරව ක්‍රියා කළේ හිට්‌ලර්ගේ විශ්වාසවන්ත ඇමැතිවරයකු වූ ඇඩොල්ෆ් අයික්‌මාන් ය. ඒ අනුව II වැනි ලෝක යුද සමයේදී අයික්‌මාන්ගේ කාර්ය මණ්‌ඩලය විසින් හැට ලක්‍ෂයකට වැඩි යුදෙව් පිරිසක්‌ ගෑස්‌ කාමරවලට දමා මරා ඒ වෙනුවෙන් ම ඉදිකළ විශාල පෝරණුවල දමා පුළුස්‌සන ලදී. 1945 දී හිට්‌ලර් පරාජය වීමත් සමඟම අයික්‌මාන් ආර්ජන්ටිනාවට පැන ගියේය. ඉන් වසර 15 කට පසු ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවාව අයික්‌මාන් අත්අඩංගුවට ගත්තේය 

දෙවන ලෝක යුද්ධයේදී අයික්‌මාන් ඇමරිකන් අත්අඩංගුවට පත් විය. 1950 දී අත්අඩංගුවෙන් පැනගත් අයික්‌මාන් රිකාඩෝ ක්‌ලෙමන්ට්‌ යන ව්‍යාජ නම සහ ගමන් බලපත්‍ර යොදාගෙන ආර්ජන්ටිනාවට පැන ගියේය.අයික්‌මාන් අත්අඩංගුවට ගැනීම සඳහා වසර 15 ක්‌ තිස්‌සේ සිදු කළ මෙහෙයුම හඳුන්වනු ලබන්නේ Operarion Finale යනුවෙනි. ඊශ්‍රායලයේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අයික්‌මාන් වෙනුවෙන් හිබෲ බසින් Dybbuk යනුවෙන් නම් කෙරුණ ලිපි ගොනුවක්‌ තිබිණ. Dybbuk යනු ප්‍රේතයකු ගේ ආත්මයට හීබෲ බසින් කියන නම ය. වසර 15 ක්‌ තිස්‌සේ අයික්‌මාන් ආගිය තැන්වල පින්තූර සහ ඔහුවත් නොදත් ඔහුගේ පරම්පරාවේ ඉතිහාසය කතාව මේ ලිපිගොනුව තුළ ඇත. මොසාඩ් ඔත්තුකරුවන්, ආර්ජන්ටිනාවේ බුවනෝස්‌ අයර්ස්‌ නගරයේ සැඟව සිටි අයික්‌මාන්ගේ ඡායාරූප මුලින්ම ගන්නේ බී්‍රෆ් කේස්‌යකට සවි කරන ලද කුඩා කැමරාවකිනි. ඒ අතර මෙහෙයුමට භාවිත කළ වාහන සඳහා සෑදූ ව්‍යාජ අංක තහඩු, ඔහු අත්අඩංගුවට ගැනීමේදී යොදා ගත් අත්වැසුම් ඔහුට සිහි නැති කිරීමට ගසන ලද එන්නත් සිරින්ජය, ඔහු ආර්ජන්ටිනාවෙන් පිටතට ගෙන යැම සඳහා භාවිත කළ, ඔහුගේ ඡායාරූපය සහිත ව්‍යාජ ගමන් බලපත්‍රය යනාදිය මේ ලිපි ගොනුව සමඟ ඇත. 
1957 දී අයික්‌මාන්ගේ වැඩිමහලු පුත්‍රයා ආර්ජන්ටිනාවේදී යුදෙව් තරුණියක සමඟ ප්‍රේම සම්බන්ධයක්‌ පටන් ගත්තාය. ඇගේ පියා වන ලෝතර් හර්මාන් ජර්මන් ගෑස්‌ කාමරයකට යන්නට පෝළිමේ සිට අවසන් මොහොතේදී පන ගලවා ගත්තෙකි. සිය අනාගත මස්‌සිනා වන රිකාඩෝ ක්‌ලෙමන්ට්‌ගේ සැක කටයුතු ස්‌වරූපය දුටු අයික්‌මාන් තමා වැනිම යුදෙව්වකු වූ ෆට්‌ස්‌ බවර් නමැති මිතුරකුට ඔහු ගැන දන්වා ලිපියක්‌ යෑවීය. ෆට්‌ස්‌බවර් ඒ වන විට කටයුතු කළේ නාසි ජර්මනියට විරුද්ධ නඩුවේ නඩු අධ්‍යක්‍ෂ ලෙසය. ලිපිය කියෑවූ බවර් ඊශ්‍රායලයට ඔත්තුව දුන්නේය. මොසාඩ් ඒජන්තවරු ආර්ජන්ටිනාව බලා වහා පිටත් වූහ.

වසර දෙකකට පසු රිකාඩෝ ක්‌ලෙමන්ට්‌ගේ නිවස සොයා ගෙන එහි ඡායාරූපයත්, පවුලේ අයගේ ඡායාරූපයත්, ක්‌ලෙමන්ට්‌ගේ ඡායාරූපයත් ඊශ්‍රායලයට යවන ලදී. මේ ඡායාරූප අයික්‌මාන්ගේ ඡායාරූප සමඟ සස¹ බැලු විට එක සමාන බව පෙනී ගියේය. ඡායාරූපවල ඇති කනේ ස්‌වභාවය අයික්‌මාන්ගේ කනේ ස්‌වභාවය සමඟ සස¹ බැලූ විට සමානත්වය තවදුරටත් තහවුරු විය.

1960 මැයි 16 වැනිදා දවසේ වැඩ නිම කළ ඇඩොල්ෆ් අයික්‌මාන් බස්‌ නැවතුම්පලට පැමිණියේ ගෙදර බලා යනු පිණිසය. ඔහු එනතුරු මොසාඩ් සංවිධානයේ යුදෙව්වන් හත් දෙනකුගෙන් සමන්විත කණ්‌ඩායමක්‌ ඔහුගේ නිවස අසල බස්‌ නැවතුමේ බලා සිටියහ. බසයෙන් බැස්‌ස සැනින් ඔහු වෙත කඩා පිනූ මොසාඩ් කණ්‌ඩායම ඔහු බිම දමන ලද අතර අත් ආවරණයක්‌ සහිත තම එක්‌ ඒජන්තවරයෙක්‌ තම අත ඔහුගේ කට තුළට දැමුවේ, සාමාන්‍යයෙන් නාසි ප්‍රධානීන් කරන පරිදි කට තුළම දතකට සවිකර ඇති සයනයිඩ් කැප්සියුලය හපා සිය දිවි නසා ගැනීම වළක්‌වාලනු පිණිසය. අනතුරුව එන්නත මගින් ඔහු සිහි නැති කළේය.

අද ඊශ්‍රායලයේ Beti Hatfutstot කෞතුකාගාරය අයික්‌මාන් ඇල්ලීම සඳහා යොදා ගත් සියලු බඩු භාණ්‌ඩ, ඔහු සම්බන්ධයෙන් හුවමාරු වු ලිපි ලේඛන ප්‍රදර්ශනය කීරීමට පටන් ගෙන ඇත. මොසාඩ් කණ්‌ඩායම ඔහු රටින් පිට කළේ සිහි විසංඥ වූ ඊශ්‍රායල ජාතිකයකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඊශ්‍රායලයට ගෙන යන ආකාරයට ය.

No comments:

Post a Comment