Friday 31 May 2013

ලාංකීය කාන්තා පරපුර ඉදිරියේ ඇති අභියෝග

ලාංකීය කාන්තා පරපුර ඉදිරියේ ඇති අභියෝග
විරැකියාවේ , ප්රගචණ්ඩත්වයේ , හිංසනයේ ගොදුරු බවට පත් වී ඇති සමස්ත කාන්තා පරපුරම මේ පසුගාමී සමාජ ආර්ථික ක්ර මය තුල තව දුරටත් ගොදුරක් බවට පත්වීම හැර කිසිදු සුගතියක් අත්වී නැත. පව්ලේ දරිද්රතතාවය අහස උසට නැග යද්දී දහසකුත් එකක් බලාපොරොත්තු පොදී බැඳ අරාබියේ නිවෙස් තුල ශ්ර ම හා ලිංගික සුරාකෑමට ලක්වූ කාන්තාවෝ අප්රවමාණය. මෙරටට වැඩිම විදෙස් විනිමය ලබා දෙන විදෙස්ගත ශ්රොමික කාන්තාවෝ විටෙක අබ්බගාතයන් ලෙසිනුත්, විටෙක මිනී පෙට්ටි තුලිනුත් පැමිණියේ කිසිදු හව් හරනක් නොමැතිවය. එමෙන්ම යුද්දයෙන් හා ස්වභාවික විපත්වලින් අවතැන් වූ කාන්තාවන්ගේ ජීවිත නැවත නගා සිටු වීමට කිසිදු පියවරක් මේ තාක් රජය ගෙන නැත. දිනෙන් දින මේ සමාජයේ ගොදුරු බවට පත්ව අඳුරේ ගිලී යනවාද නැතහොත් එයට එරෙහිව නැගී සිට අධිෂ්ටානශීලීව , ධෛර්යවන්තව ජයග්රනහණය දක්වා ගමන් කරනවාද යන්න තීරණය කිරීමට හෝරාවයි මේ .
                                                                                                                    ...සචිනි මුනසිංහ....

No comments:

Post a Comment