
අචලා ප්‍රියදර්ශනී මේ රටේ අතිශය වැදගත් මාතෘකාවක් බවට පත් වූයේ රටේ රෝහල් සේවය සහ වෛද්‍ය සේවාව පිළිබඳ විශාල වේදනාවක් ජනතාවගේ හදවත්හී දල්වාලමිනි. සිය මාතර නිවසේ ඉදිරිපස පිහිටි මිදුලේ පඩිපෙළකින් ලිස්සා ඇද වැටුන අචලාගේ වම් අත බිඳී ගියේය.
ඇය නීති සි

ගල් ප්ලාස්ටරය ඇතුලේ තිබූ අචලාගේ අත කුණු වී මැරී යන්නට පටන් ගත්තේය. අත දවසින් දවස කුණු වෙමින් මියයන විට ඒ වේදනාවෙන් අචලා මරලතෝනි දී කෑ ගැසුවත් මාතර රෝහලේ අදාළ වාට්ටුවේ සමහර වෛද්‍යවරුන් සහ හෙදියන් ඒ පිළිබඳ එතරම් නොතැකූහ. අන්තිමට ‘වැඩේ’ නරක අතට හැරී තිබෙන බව දුටු රෝහලේ දොස්තරලා, අචලා ගිලන් රියකට දමා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත ‘තල්ලුකර’ දැමූහ. ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරුන් අචලාට පවසා සිටියේ ජීවිතය බේරා ගන්නට අත කපා දමන්නට සිදුවන බවකි.ඒ අනුව ඇගේ වම් අත කපා දැමූ අතර මේ මහා කණගාටුදායක අවනඩුව පුවත්පත් ඇතුලු සියලු මුද්‍රිත හා විද්‍යුත් ජන මාධ්‍යවල දිගින් දිගටම පළ කරමින් අචලාට සාධාරණයක් ඉටු කරන්නැයි වගකිව යුත්තන්ට බල කළහ.
මෙම සිදුවීමෙන් අනතුරුව ආණ්ඩුවේ වගකිවයුතු ඇමැතිවරු, විපක්ෂයේ පතාකයෝ හැසිරුනේ අචලා බේරා ගන්නට තව්තිසාවෙන් වැඩම කළ දෙවිදේවතාවුන් මෙනි. ආණ්ඩුවේ වගකිවයුතු ඇමැතිවරුන් හා විපක්ෂයේ නායකයෝ "ටෝකන්"ක්‍රමයට මෙන් රෝහල් දැඩි

තනිකරම එය නාඩගමක් බව පෙනුනේ මැයි 31 (අද) උදේ ප්‍රවෘත්තිවලට සවන් දුන් විටය. එවිට මා ගැන පවා මට ඇතිවූයේ බලවත් ලජ්ජාවකි. මන්ද, අචලාට කෘතීම අතක් ලබා දෙන්නට ආණ්ඩුවේ වගකිවයුතු ඇමැතිවරුන් සහ විපක්ෂයේ නායකයින් පෙරට ආ ආකාරය ගැන ප්‍රශංසා කරමින් ලිපියක් මා විසින් ද ලියූ බැවිනි. නාමල් රාජපක්ෂ චීනෙ ගියේ ඔයාට අතකුත් අරන්ම එන්න තමයි
අචලාගේ කෘතිම අත තවම නෑ අචලාගේ අත කපා දමන්නට 'පාර කැපූ'දොස්තරලාට විරුද්ධව දැඩි පියවර ගන්නා බවට ඒ දිනවල නැගූ හඬට කුමක් වී දැයි මට දැන්

අපේ රටේ බොහෝ දේශපාලනඥයෝ බලය ලබා ගැනීම , බලය රඳවා තබා ගැනීම සහ ප්‍රසිද්ධිය සඳහා ජනමාධ්‍ය ඉතා අශෝභන ආකාරයට යොදා ගන්නා අයුරු ඉහත සඳහන් සිද්ධියෙන් යළිත් වරක් තහවුරු වෙයි. මොවුන් කියන තරමක් අද කියන්නේ බොරු ය. ඒ බොරුවට ජනතාව රැවටෙති. අත්පොළසන් දෙති. විසිල් ගසති.
මේ ආකාරයට රට පුරා, දවස පුරා වපුරන බොහෝ බොරුවලට ආලවට්ටම් දමා ලියා හෝ කැමරාගත කර පසුදින පුවත්පත් හා විද්‍යුත් මාධ්‍යවල පළ කරන්නට සිදුවී තිබීම සමස්ත පුවත්පත් කලාවේදීන් මුහුණදී තිබෙන අභාග්‍යය යි. ඒ ඉරණමට පිටුපෑ යුතු කාලය කෙමෙන් උදාවෙමින් පවතී. සත්‍ය ගරුක දේශපාලඥයින් පිරිසක් රටට බිහිකර ගැනීමේ දැවැන්ත වගකීමක් ජනමාධ්‍ය වෙත ඇතැයි අචලා ප්‍රියදර්ශනී මෙනවිය අපට නොකියා කියන්නේ එයයි.
No comments:
Post a Comment