Monday 19 November 2012

තංගල්ල ප්‍රාදේශීය සභා සභාපතිට ඇප

තංගල්ල වෑ මැඩිල්ල නිවාඩු නිකේතනයකදී බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය කර ඇගේ පෙම්වතියට බරපතල තුවාල කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු 8 දෙනෙකු අද ඇපමත මුදා හැරුණි. ඒ, අදාළ පුද්ගලයින් තංගල්ල මහාධිකරණ විනිසුරු ලලිත් විජේසේකර මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය. සැකකරුවන්ට රුපියල් පනස් දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ය. අධිකරණය නියෝග කළේ සැකකරුවන්ට සෑම මසකම පළමු හා තුන්වැනි ඉරිදා පෙරවරු 9 ත් 12 අතර තංගල්ල පොලිසියේ පෙනී සිටින ලෙස ය. සාක්කිරුවන්ට කිසිඳු බලපෑමක් නොකරන ලෙසත් ඔවුන් සිටින ප්‍රදේශයට නොයන ලෙසත් විනිසුරුවරයා සැකකරුවන්ට නියෝග කළේ ය.

No comments:

Post a Comment