Wednesday 19 June 2013

1963 දී චේ කියුබානු කර්මාන්ත අමෙතිව සිටියදී පුවත් පතකට ලිවූ ලිපිය

"ලෝක විප්ලව වලදී බිහි වූ නව මිනිසා තවමත් සර්ව සම්පුර්ණ අයෙකු ලෙස වැඩී නොමැත. ඔහු සම්පුර්ණ වනු ඇත්තේ නව ආර්ථික සම්බන්දතාවයන් සමග සමාන්තර ලෙස සංවර්ධනය වීමෙනි. නියම මග පෙන්වීමක් නොමැති කම හේතු කොට ගෙන අපගේ ආත්මාර්ථකාමී අවශ්‍යතාවයන් මුදුන් පමුණුවා ගැනීමට ගමන් මග තෝරාගෙන ඇති අප එතරම් උනන්දුවක් දක්වන්නේ නැත. සමාජය සංවර්ධනය කරා ගමන් ගන්නා විට තමා සමග මෙතෙක් සිටි පොදු ජනතාව වෙත අනුකම්පා සහගත ලෙස ලෙස හැගීම් දනවමින් තමන්ගේම පමණක් යයි සිතා ගත් මාවතක් තෝරා ගනිමින් ජනතාවගෙන් වෙන්ව වෙනස් මාවතක ගමන් කරන්නෝද වෙති. වඩා හොඳින් අප අවබෝධ කර ගතයුතු වැදගත්ම සාධකය වන්නේ එදිනෙදා ජීවිතය තුල පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් එක්ව ක්‍රියා කිරීමේ පිළිවෙතය. තවද මේ සමාජය යහපත්ව ඉදිරියට ගමන් කරවීමට තමන් විසින් ඉටුකළයුතු කාර්යන් පිලිබඳ මනා අවබෝධයක් තිබිය යුතුය.
විප්ලවය නම් මහා කුනාටුව විසින් පැරණි ක්‍රමවේදය විනාශ කර ඇතත් අප ඉන් පසුව කල යුත්තේ වැඩ කරන ජනතාවගේ දෙනෙත් අභියස නව මාවත එලි පෙහෙළි කිරීමය. එවිට ඔවුන් තව දුරටත් හුදකලාවේ ගමන් නොකරනු ඇත. පක්ෂයක දියුණුව යනු වැඩ කරන පන්තියේ විශ්වාසය හා ආදරය දිනා ගැනීමය එයින් ලබන ප්‍රතිලාභය යනු සමාජ ක්‍රමය තවත් යෝධ පියවරකින් ඉදිරියට තල්ලු වීමය. "

No comments:

Post a Comment