Thursday 30 May 2013

දිල්ලි ආණ්ඩුව සලිත කළ මාඕ ප්රහාරය

චැටිස්ගාර් ප්රාන්තය පිළිබඳ සමස්ත ඉන්දියාවේම අවධානය යොමුවී ඇත්තේ ඉකුත් සෙනසුරාදා මාඕවාදීන් එල්ල කළ දරුණු ප්රහාරය නිසාය. මේ ප්රහාරයෙන් චැටිස්ගාර් ප්රාන්තයේ කොංග්රස් පක්ෂයේ ප්රධානී නාන්ද් කුමාර් පටෙල් හා ඔහුගේ පුත් දිනේෂ් ද ඝාතනය විය. එමෙන්ම කොංග්රස් නායකයකු මෙන්ම මාඕවාදීන්ට එරෙහිව වෙනම සන්නද්ධ කණ්ඩායමක් පිහිටුවා ගෙන සිටි මහෙන්ද්ර කර්මාද ඝාතනය විය. චැටිස්ගාර් ප්රාන්තයේ අගනුවර වන රායිපූර් සිට කිලෝ මීටර් 345 ක් ඈත සුක්මා ප්රදේශයේ ඝන කැලෑවක් මැදදී මේ ප්රහාරය එල්ල විය. මාඕවාදීන් 200 ක් පමණ කොංග්රස් නායකයන් හා ආධාරකරුවන් ගමන් ගත් මාර්ගයේ බිම්බෝම්බ සවිකර එක් වාහනයක් පුපුරවා දමා වෙඩි වරුෂාවක් එල්ල කළහ. කැරලිකරුවන් ගස් කපා දමා පාර හරස් කර රථ පෙළ නවත්වා මෙම ප්රහාරය එල්ල කර ඇති බව මාඕවාදීන්ට එරෙහි මෙහෙයුම් සිදුකරන පොලිස් ඒකකයේ ප්රධානී ආර්. කේ. වීජී පවසයි. ඉන්දියාවේ ප්රාන්ත 28 න් 20 කම මේ මාඕ කැරලිකාරිත්වයක් පැන නැගී ඇති අතර එයින් ප්රබල කැරලිකාරිත්වයක් ඇත්තේ චැටිස්ගාර් ප්රාන්තයේය. ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්යාංශයෙන් මේ කැරලි කාරිත්වය මර්දනය සඳහා 81.000 ක භට පිරිසක් යොදවා ඇති අතර එයින් 40% ක්ම යොදා ඇත්තේ මේ ප්රාන්තයේ මෙහෙයුම් කටයුතු සඳහාය. මේ ප්රහාරය නිසා තමන් බලවත් සේ වික්ෂිප්ත වූ බව ඉන්දීය කොංග්රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි ප්රකාශ කර ඇත. පුද්ගලයන් 24 ක්ම මියගොස් තවත් 34 දෙනෙක් තුවාල ලැබූ මෙම ප්රහාරය පිළිබඳ අදහස් දක්වන පන්ජාබ් ප්රාන්තයේ හිටපු පොලිස් ප්ර්රධානී කේ. ජී. එස්. ගිල් පවසන්නේ ප්රාන්ත ආණ්ඩුවට මේ කැරලිකාරිත්වය මර්දනය සඳහා නිසි පියවර ගැනීමට තවම නොහැකිවී ඇති බවයි. එමෙන්ම මෙම ප්රාන්තය ත්රස්ත මර්දනය සඳහා හොඳින් පුහුණුව ලැබූ භටයන් යොදා ගන්නේ දේශපාලනඥයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මිස කැරලිකරුවන් මර්දනය සඳහා මෙහෙයුම්වලට නොවන බව ගිල් කියයි. චීනයේ විප්ලවීය නායක මාඕ සේතුංගේ දර්ශනය ආභාෂයට ගෙන ආරම්භ වූ මෙම මාඕවාදීන් නොඑසේ නම් නැක්සලයිට් ව්යාපාරයේ ඉතිහාසය 1967 දක්වා දිවයයි. බටහිර බෙංගාලයේ නැක්සල්බාරි ගම්මානයේදී මෙය ආරම්භ වූ නිසා නැක්සලයිට් ව්යාපාරය ලෙසද ව්යවහාර කරයි. 2010 අගෝස්තු මාසයේදී මේ කැලිකරුවන් එල්ල කළ ප්රහාරයෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් 72 ක් මිය ගිය අතර එයින් මාසයකට පසු එල්ල වූ ප්රහාරයකින් පොලිස් නිලධාරීන් හා සාමාන්ය වැසියන් 31 දෙනෙක් ඝාතනය විය. ඇත්තෙන්ම මේ මාඕවාදී ව්යාපාරය සෑදී ඇත්තේ ඉන්දියාවේ පීඩිතම සමාජ පන්තියක් වන ගෝත්රික ජනතාව හා දුගී ගොවීන්ගෙනි. මේ අතර ශිව් සේනා නායක උදාම් තැකරේ ඉකුත් සඳුදා දිනයේ ප්රකාශ කළේ මාඕ යක්ෂයන්ගේ ත්රස්තවාදය වහාම මර්දනය කර දැමිය යුතු බවයි. මේ කැරලිකරුවන් ඉන්දියන් මුජහඩීන්, ලක්ෂාර් ඊ ටයිබා හා අල්ඛයිඩා සාමාජිකයන් මෙන් සලකා ඔවුන් මර්දනය කළ යුතු බව මේ හින්දු දැඩි මතධාරී නායකයා කියයි. මාඕ ත්රස්තවාදය හා මුස්ලිම් ත්රස්තවාදය අතර වෙනසක් නැති බවත් හෙතෙම කියයි. මේ අතර චැටිස්ගාර් ප්රාන්තයේ ප්රධාන ඇමැති රාමන් සින් ප්රකාශ කර තිබුණේ කොංග්රස් පක්ෂ නායකයන් පිරිස ගමන් ගත් වාහන පෙළට නිසි ආරක්ෂාවක් තිබී නැති බවයි. කෙසේ නමුත් මාඕවාදීන් අතින් ඝාතනය වූ මහෙන්ද්ර කර්මාට නම් නොයෙකුත් චෝදනා එල්ලවී තිබිණි . ඔහු මේ කැරලිකරුවන්ට එරෙහිව ගොඩනගා තිබූ සන්නද්ධ කණ්ඩායමෙන් ගෝත්රික ජනතාවට නොයෙකුත් හිරිහැර වන බවට චෝදනා එල්ල විය. මෙම ප්රහාරයෙන් මධ්යම රජයේ හිටපු ඇමැතිවරයකු 83 හැවිරිදි විද්යාරන් ශුක්ලාද තුවාල ලැබීය. මියගිය පිරිස අතර පොලිස් නිලධාරීන් පස් දෙනකුද වේ. මාඕවාදීන්ගේ ප්රහාරයෙන් ඉන්දීය මහ ආණ්ඩුවද සලිත වී ඇති බව නම් පැහැදිලිය.

No comments:

Post a Comment