Thursday 30 May 2013

ඔබ යුක්තියේ, සාධාරනයේ අවියයි, ඔබ විනාශ කිරීමට කිසිවකුට නොහැක


එදා, සමාජ විප්ලවය කරන්න පුලුවන් බහුජන නායකයන්ටයි කියමින් "ජාතිවාදී මාවත " තෝරා ගත් විමල් ද පක්ශයේ සම්පත් කොල්ල කන්නට විය. මාධ්‍ය හරඹයන් කරමින් නිර්ධන පන්තියේ පක්ශය විනාශ කරන්නට  තැත්කරමින් ධනපතියන් ගේ ඔඩොකුවේ ලැග්ගාය. "ලංකා" පුවත් පත දැහ ගන්නට අසාර්තක උත්සාහයක් ගත්තාය, නමුත් එම අවශ්තාවාදය පරදවමින්, පන්තිය වෙනුවෙන් පෑනේ අවිය නොසැලී තම කාර්‍ය ඉටු කලේය.


මේදා, පන්ති විප්ලවය කරන්න පුලුවන් අභ්‍යන්තර නායකයන්ට පමණයි කියමින් " අතිවාමවාදය" තෝරා ගත් කුමාර් ද, පක්ශයේ සම්පත් විතරක් නොව මූලස්තානයද කොල්ල කන්නට උත්සාහ ගත්හ, මුදල් කොල්ල කෑහ, අදීරාජ්‍යවාදීන් ගේ ඔඩොක්කුවෙ ලගිමින් ජාතිවාදය පෝශනය කරමින් පක්ශයට අවලාද නැගුහා. මොවුනුත් "ලංකා" පත්තරය සොරාගන්නට, විමල්ටත් එහා ගිය අසාර්තක උත්සාහයක් ගත්හ.


මේවන විට නැවතත් සියලු අවශ්තාවාදයන් පරදවා එය පන්තියේ හඬ කියන්නට සම්ත් වී ඇත.


"ලංකා" ඔබ යුක්තියේ, සාධාරනයේ අවියයි, ඔබ විනාශ කිරීමට කිසිවකුට නොහැක

No comments:

Post a Comment