Friday 24 May 2013

ශ‍්‍රී ලංකාවේ සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගත යුතුව තිබෙනවා..... ජ.වි.පෙ. පාර්මේන්තු මන්ත‍්‍රී විජිත හේරත් ලන්ඩනයේදී කියයි.

වත්මන් මහින්ද රාජපක්‍ෂ පවුල් පාලනය යටතේ ලාංකීය සමාජය මත ගොඩ නගා ඇත්තේ වැහැරි ගිය ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් බවත්, රාජ්‍ය මාධ්‍ය හා බලය යොදා යටහත් කරගත් විවිධ මාධ්‍ය මවා පාන ‘නිදහස’ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සංවර්ධනය යනු බරපතල මිත්‍යාවක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්මේන්තු මන්ත‍්‍රී විජිත හේරත් සහෝදරයා පසුගිය මැයි 19 දා ලන්ඩන් නුවර පැවැති සම්මන්ත‍්‍රනයේදී ප‍්‍රකාශ කලේය.

ජනතා විමුක්ති පෙරමුණේ එක්සත් රාජධානි කමිටුව විසින් සංවිධානය කළ මෙම සම්මන්ත‍්‍රනයේ තේමාව වූයේ ‘ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය?’යන්නයි. ජනතා විමුක්ති පෙරමුණේ එක්සත් රාජධානියේ සංවිධායක දර්ශන හෙට්ටිආරච්චි සහෝදරයාගේ ප‍්‍රධානත්‍වයෙන් ලන්ඩන් ෙවිල්ෆාම් ක‍්‍රීඩාගාර ශ‍්‍රවනාගාර ශාලාවේදි පැවැති මෙම සම්මන්ත‍්‍රනයේදී වැඩි දුරටත් කරුණු දැක්වූ විජිත හේරත් සහෝදරයා ‘මහින්ද රාජපක්‍ෂ පවුල් පාලනය’ රටට ඔරොත්තු නොදෙන මහ ණය කන්දකට රට යටකර, උගස් කර ඇති බවත්, අරාජිකත්වය කරා ගෙන යන ගමනේ ශ්‍රී ලංකාවේ අනාගතය අවිනිශ්චිත බවත් කරුණු සහිතව පෙන්වා දෙන ලදී. 2009 දී සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු උදාවූ නව යුගය ජාතික සමගිය ගොඩ නගා ලාංකීය ජාතිය ගොඩ නැගිමේ ස්වර්ණමය අවස්ථාවක් කර ගැනීමට තිබූ බව කි විජිත හේරත් සහෝදරයා එහෙත් ඒ වෙනුවට ‘මහින්ද රාජපක්‍ෂ පවුල් පාලනය’ බල උවමනාවන් වෙනුවෙන් වසර හතරක් පුරාම සිදු කළේ බලය තහවුරු කර ගැනීම සඳහා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි පාලනයක් රට තුළ තහවුරු කිරිමයැයි කීය. රටට ඔරොත්තු නොදෙන අධික පොලියට ණය ලබාගෙන මහ පරිමාන සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කර ඇතත් ලැබෙන ආදායමට වඩා ඒවා නඩත්තු කිරිමට වියදම් දැරිමට සිදුවී ඇත. රාජපක්‍ෂ පාලනය අධිරාජ්‍ය ගැති ණය දෙන ආයතනවලින් හා ඉන්දියාව, චීනය වැනි රට වලට ණය වී ඇති ප‍්‍රමාණය පරම්පරා ගණනාවකට ගෙවා දැමිය නොහැකි අති විශාල ප‍්‍රමාණයකි. රටේ වටිනා ඉඩම් හා මහා ධන සම්පත් කුණු කොල්ලයට විකිනීමත් සිදුවෙමින් තිබෙන අතර බෙදුම්වාදි අරමුණු ඉස්මතු වීමට ඉඩ හරිමින් අන්තවාදි ආගමික කල්ලිවලට නිදහසේ වැඩ කිරිමට අනුග‍්‍රහය ලබා දෙමින් සිටියි. ජාතික සමගිය ගොඩ නගනවා වෙනුවට ජාතිකත්වයන් අතර විරසක බව ඇති කරන කුමන්ත‍්‍රණ සිදුවෙමින් තිබෙනවා. වංචා,¥ෂණ, පැහැර ගැනීම්,පලිගැනීම් හා මිනීමැරුම් ලංකා සමාජය ඔඩුදුවා ඇති පිළිලයන් බව පෙන්වා දුන් විජිත හේරත් සහෝදරයා අධිකරණයේ ස්වාධීනත්වය නැතිවීම හා නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම බර පතලම තත්ත්වයක් බව අවධාරණය කළේය. ඒ නිසාම පසු ගිය ඉතිහාසය පුරා ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසූ ඉන්දියාව හා බටහිර අධිරාජ්‍යවාදීන්ට මානව හිමිකම් කඩවීම් මුවාවෙන් රටට ඇතුල්වීමට අවස්ථාව සලසා ඇති බවත් පැහැදිලි කළේය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ කොන්වීමට ලක්වෙමින් ඇති බවත්, මව්බිම වෙනුවෙන් යුතුකම් ඉටුකරන විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් රටේ සැබෑ තත්ත්වය හරි බරෙන් තේරුම් ගෙන සැබැ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත්, නිදහසත්,සංවර්ධනයත් දිනා ගැනීම සඳහා පෙරට ආයුතු බව පෙන්වා දුන් විජිත හේරත් සහෝදරයා ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ විදෙස් කමිටු වටා එකතු වෙන මෙන් ආරාධනාද කළේය.

මෙම සම්මන්ත‍්‍රනය සඳහා ලන්ඩනයෙන් ඈත පෙදෙස් වලින්ද පිරිස් පැමිණ සිටි අතර එක්සත් රාජධානියේ මාක්ස් ලෙනින්වාදි කොමියුනිස්ට් පක්‍ෂයේ ජාත්‍යන්තර ලේකම් එලා රූල් සහෝදරිය පැමිණ ජනතා විමුක්ති පෙරමුණට සුභ පැතුම් පිරිනැමීමද විශේෂයෙන් සඳහන් කළ යුතුය.
සටහන - මාධ්‍ය අංශය, ජ.වි.පෙ. එක්සත් රාජධානි කමිටුව

ජායාරූප- චතුර විමුක්ති







 

No comments:

Post a Comment