Friday 24 May 2013

බෞද්ධ ජනයාගේ අතිමහත් ගෞරවාදරයට පාත‍්‍ර වූ වෙසක් පොහෝ දිනය අදට යෙදේ. වෙසක්‌ පණිවුඩ

බෞද්ධ ජනයාගේ අතිමහත් ගෞරවාදරයට පාත‍්‍ර වූ වෙසක් පොහෝ දිනය අදට යෙදේ.
සහයෝගීතාවය, සමානාත්මතාවය හා සංහිදියාව වෙනුවෙන් කටයුතු කිරීම, ඇතුලූ සමාජයේ ප‍්‍රගමනයට හේතු වන ඉගැන්වීම් රැුසක් උන්වහන්සේගේ දර්ශනයෙහි අඩංගු වේ. ශ‍්‍රී ලාංකේය සමාජය තුළ පවතින බොහෝ යහපත් ගුණාංග එම ඉගැන්වීම්වලින් පෝෂණය වූ බව අවිවාදිතය. විශේෂයෙන්ම ශ‍්‍රී ලාංකේය සමාජයේ සංස්කෘතියට පදනම වූයේ බුදුදහමය.
 
අද සමාජය  බුදුන් වහන්සේගේ ධර්මය ශ‍්‍රවණය කරන බවක් පෙන්වුවද එම ධර්මය පිළිබද කතිකා සිදුවුනද සමාජ භාවිතාවේදී හා  පාලකයන්ගේ භාවිතාවේදී ඔවුහු ඒ ධර්මය පිළිපදින බව පිළිබිඹු නොවේ. ජාති, ආගම් හා කුල භේදවලට බුදු දහමේ ඉඩක් නැත. නමුත් ඒවා විවිධ කූට අරමුණු වෙනුවෙන් යළි යළිත් ඉස්මතු කර ගැනීමේ වෑයමක රටේ පාලක පැලැන්තිය නිරතව සිටීමද අද දවසේ බුදු දහමේ හරයට සිදු කෙරෙන නිග‍්‍රහයකි. එබැවින් මෙකී ව්‍යායාමයන්ගෙන් විනිර්මුක්ත වූ පොදු යහපත් අරමුණු වෙනුවෙන් සමාජය පෙළ ගැසීමට හා බුදු දහමේ හරයාත්මක ඉගැන්වීම් තම ජීවිත තුළට ඒකරාශීකර ගැනීම වෙනුවෙන් ක‍්‍රියාකිරීම ද  අත්‍යාවශ්‍ය වේ.
බුදුන් වහන්සේ දේශනා කළ යහපත් ප‍්‍රතිපත්ති, ගුණාංග තවදුරටත් වර්ධනය කරමින් ඒවා ආරක්‍ෂා කිරීමට අදිටන් කර ගන්නා ලෙස ජනතා විමුක්ති පෙරමුණ මෙම වෙසක් පොහෝ දිනයේදී ශ‍්‍රී ලාංකේය බෞද්ධ ජනයා ඇතුළු ලෝකවාසී බෞද්ධ ජනයාගෙන් ඉල්ලා සිටියි.
 
ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ

No comments:

Post a Comment