Monday 10 June 2013

විජෙවීර දියනීයයට පෙතිකර


විජේවිර මහතාගේ වැඩිමහල් දියණිය අද (10) දින  වෛද්‍ය වාර්තාව පරික්ෂා කර බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයසේකර මෙනවිය එම වාර්තාවට අනුව විත්තිකාරිය මානසික ව්‍යාකුලතාවයකින් පෙළෙන බව තහවරු කළාය. පහර දීම සිදුකළ අවස්ථාවේදී විත්ති කාරිය එම ව්‍යාකූලතාවෙන් පීඩා විදි බව වෛද්‍යවාර්තාවේ සඳහන් වී ඇතැයි ද මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.

වෛද්‍ය වාර්තාවේ පිටපත් පොලිසියට ලබා දීමට නියම කළ විනිසුරුවරිය ඉදිරි නීතිමය කටයුතු ඒ අනුව සිදුකරන ලෙසටද පොලිසියට නියෝග කළාය.
විත්තිකාරිය රජයේ ‍මනෝ වෛද්‍ය ඒකකකයේ නේවාසික ප්‍රතිකාර සඳහා යොමුකළ මහේස්ත්‍රාත් තුමිය ඇය පිළිබඳව වැඩි දුර වෛද්‍යවාර්තාවක් ජුනි මස 24 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාරයට නියෝග කළාය. විත්තිකාරිය වෙනුවෙන් නීතිඥ රංජිත් නයනරත්න මහතා පෙනී සිටි අතර අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ චතුර ගුණරත්න මහතා පෙනී සිටියේය.රෝහණ විජේවීර මහතා ඝාතනය කිරීමෙන් පසු ඔහුගේ බිරිඳ සහ දරුවන් නාවික හමුදා රැකවල් යටතේ වැලිසර නාවික කඳවුරේ ජීවත්වෙයි. .

No comments:

Post a Comment