
කැසිනෝ ක්‍රිඩා මධ්‍යස්ථානයත් ආරම්භ කිරීමට තමන් වහන්සේ සම්පුර්ණයෙන් විරුද්ධ බවත් මෙය අපේ රටට කිසිසේත්ම සුදුසු නැති බවත් මෙය ආරම්භ කරනවානම් පළමුවෙන්ම පාරට බහින්නේ තමන් වහන්සේ බවත් උඩුගම ශ්‍රී බුද්ධරඛිත අස්ගිරි පාර්ශවයේ මහා නා හිමියෝ අද (10) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුහ.
මෙම
කැසිනෝ මධ්‍යස්ථානය කොළඹ සම්බෝධි විහාරය අසළ ඉදිකිරීමට සැලසුම් කර ඇති
බවත් අපේ රටට කැසිනෝ සූදුව කිසිසේත්ම නොගැලෙපෙන බවත් එයට එරෙහිව සියලු
ආගමාක නායකයින් පාරට බැසිය යුත් බවත් ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී
අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම් කරු පූජ්‍ය දඹර අමිල
හිමියෝද පැවසූහ.
"මෙම
කැසිනෝ මෙම කැසිනෝ මධ්‍යස්ථානය ඉදිකිරීමට යන ඉඩම ආසන්නයේ තිබෙන්නේ
සම්බෝධි විහාරයයි. පන්සල ආසන්නයේ කැසිනෝ සූදුව සදාචාර විරෝධී කි‍්‍රයාවක්
සිදුවෙනවා. මෙම සූදුවෙන් පංච දුශ්චරිතයම හට ගන්නවා. සූදුව, මත්පැන්, ගණිකාවෝ, හැම දේම සූදුවට අදාළයි. මේ ස්ථානවල සීල ව්‍යාපාර සිදුවන්නේ නැහැ. මේවා කළු සල්ලිකාරයන්ගේ මනදොළ සපුරන ස්ථානයි. බුද්ධාගමට අනුව, මහින්ද රාජපක්‍ෂගේ වන්දනාවන්ට අනුව, ඔහු අඳින ඇඳුමේ සුදු පැහැයට අනුව, සියම් නිකායෙන් දුන් තනතුරු තානාන්තරවලට අනුව, ඔහුගේ සුජාත ලක්‍ෂණවලට අනුව ඒවා ගැලපෙනවාද? බලසේනා වටළන්න ඕනෑ ව්‍යාපාරික ස්ථානද?, මෙවැනි පාලකයින්ගේ තැන්ද කියලා ප‍්‍රශ්න කරන්න ඕනෑ." යනුවෙන්ද උන්වහන්සේ එහිදී පැවසූහ.
No comments:
Post a Comment