Wednesday 12 June 2013

තවත් ශ්‍රී ලාංකික 30ක්‌ මුහුදට බිලිවෙති

හමා ගිය චණ්‌ඩ මාරුතයෙන් මහ මුහුද දරුණු වී ශ්‍රී ලාංකික ධීවරයන් රැසක්‌ පසුගියදා මහ මුහුදට බිලි වීමේ බිහිසුණු පුවතේ උණුසුම මැකී යැමටත් පෙර තවත් ශ්‍රී ලාංකිකයන් තිස්‌දෙනකු රැගත් බෝට්‌ටුවක්‌ ඔස්ට්‍රේලියාවේ කොකෝස්‌ දූපත අසලදී මහා චණ්‌ඩ මාරුතයකට අසු වී බෝට්‌ටුවත් සමඟ අතුරුදන් වී ඇත.

මෙම පිරිස ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන් බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම බෝට්‌ටුව ගැන ඔස්ට්‍රේලියානු නිරීක්‍ෂණ ගුවන් යානා දෙකක්‌ විමර්ශනය කරන බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාල ආරංචි මාර්ග ඊයේ (12 වැනිදා) පැවසුවේ ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්‍ෂක මූලස්‌ථානය විසින් ජුනි 5 දා මෙම බෝට්‌ටුව නිරීක්‍ෂණයට ලක්‌ කර ඇති අතර දැන් එය අතුරුදන් වී ඇති බවයි.

ද්‍රවිඩ සංක්‍රමණිකයන් සිටි බවට සැක කරන මේ බෝට්‌ටුව ගිලී ගොස්‌ ඇතැයි දේශ සීමා ආරක්‍ෂක මූලස්‌ථානය සැක කරයි.

මෙම බෝට්‌ටුව ඔස්ට්‍රේලියාව වෙත පසුගිය ඉරිදා පැමිණීමට නියමිතව තිබූ බව ද වාර්තා වී ඇත. මේ බෝට්‌ටුව ඉන්දුනීසියාවේ සිට පැමිණි බවට මෙතෙක්‌ තොරතුරු හෙළි වී ඇත.

සංක්‍රමණික ද්‍රවිඩයන්

රැගත් බෝට්‌ටුව බේරා ගැනීමට ඔස්ට්‍රේලියාව ක්‍රියා නොකිරීම ගැන ඔස්ට්‍රේලියානු ද්‍රවිඩ කොංග්‍රසයේ ප්‍රකාශක බාලා විග්නේෂ්වරන් විසින් එරට රජයට චෝදනා කර තිබේ. මෙයට පෙර ද මෙවැනි සංක්‍රමණික බෝට්‌ටුවක්‌ ගිලී ගොස්‌ ඇති අතර මළ සිරුරු 13 ක්‌ වෙරළට ගොඩ ගසා තිබී හමුවී ඇත.

No comments:

Post a Comment