Friday 7 June 2013

එස්‌. 300 ගුවන් ආරක්‍ෂණ මිසයිල පද්ධතිය රුසියාව සිරියාවට ලබාදෙයි



රුසියාවේ නිෂ්පාදිත එස්‌. 300 ගුවන් ආරක්‍ෂක මිසයිල පද්ධතිය සිරියාවට ලබාදීමට මොස්‌කව් පාලනය තීරණය කර ඇත. රුසියානු රජය ප්‍රකාශ කරන්නේ සිරියාවට එල්ල විය හැකි බටහිර ආක්‍රමණය වැලැක්‌වීමට මෙම මිසයිල පද්ධතිය ලබාදෙන බවයි. ලිබියාවේ මෙන් සිරියාවේද ගුවන් තහනම් කලාපයක්‌ පැනවීමට බටහිර රටවල් උත්සාහ කිරීමට එරෙහිව රුසියාව මෙම මිසයිල පද්ධතිය ලබාදීමට තීරණය කර ඇත. සිරියානු ජනපති බෂාර් අලි අසාද් එරට රජයේ රූපවාහිනියේ සම්මුඛ සාකච්ඡාවකට එක්‌වෙමින් රුසියාවෙන් තමන්ට අවි ලැබෙන බව පිළිගත්තේය.

එස්‌ - 300 මිසයිල පද්ධතිය සිරියානු රජයට ලැබීම මගින් අසාද් පාලනයට මහත් වාසියක්‌ අත්වන බව බටහිර මාධ්‍ය කියයි. මේ අතර ඊශ්‍රායල් ආරක්‍ෂක ඇමැති මෙෂෙයලුක්‌ ප්‍රකාශ කරන්නේ මේ පද්ධතිය මෙතෙක්‌ සිරියාවට ප්‍රවාහනය කර 

නැති බවයි. මේ අතර රුසියානු මිග් යානා දහයක්‌ද සිරියාවට අලෙවි කරන බව එම යානා නිෂ්පාදනය කරන සමාගම පසුගියදා නිවේදනය කර තිබිණි.


No comments:

Post a Comment