Friday 14 June 2013

පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේ අමුත්තන්ට චීන ඒ.සී. බස් 500ක්

සංචාරකයන් සහ පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුවට පැමිණෙන අමුත්තන්ට ප‍්‍රවාහන පහසුකම් සැලසීම සදහා වායුසමනය කරන  ලද නව බස් රථ 500 ක් චීනයෙන් ගෙන්වීමට ප‍්‍රවාහන අමාත්‍යංශය තීරණය කර ඇත.

පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුවෙන් පසුව සංචාරකයන් හා පොදු පහසුමක් සේවා සදහා යොදාගැනීමට හැකි වන සේ මෙම බස් රථ 500 ආනයනය කෙරේ.
ආබාධිතයන්ට පහසුවෙන් ඇතුළුවිය හැකි ආසන 44 වායුසමීනකරණය  කරන ලද බස් රථ 300 ක් හා නගරාන්තර සේවාවන් සදහා ආසන 45 වායුසමනය කරන් ලද බස් රථ 200 ක් වශයෙන් මෙම බස් රථ 500 ආනයනය කිරීමට ප‍්‍රවාහන අමාත්‍යංශය බලාපොරොත්තු වේ.

චීනයේ එක්සිම් බැංකුවෙන් ලබාදීමට යෝජනා අර ඇති ණය මුදල් යොදවා මෙම බස් රථ මිලදී ගැනේ.

ඒ සදහා ප‍්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද ඉල්ලා ඇත.

No comments:

Post a Comment