Friday, 14 June 2013

මහින්ද රාජපක්‍ෂගෙ සංවර්ධනයත් හරියට ණයක් අරන් ඉඩම වටේ තාප්ප ගැහුවා වගෙයි

රාජපක්‍ෂලාගේ සංවර්ධනයත් හරියට රුපියල් ලක්‍ෂයක් ණයට අරන් ඉඩම වටේ තාප්පයක් ගහනවා වගේ. මේ තරම් ක්‍රිකට් පිට්ටනි තිබෙන රටේ රාජපක්‍ෂ තවත් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හැදුවා. නමුත් රටට වැඩක් නැහැ.
මහින්ද රාජපක්‍ෂගේ සහ ඔහුගේ ඇමැති මණ්ඩලයේ වියදම් ජනතාවට බරක් වෙලා, රටේ නායකයාට මහජන මුදලින් වියදම් කිරීම සාධාරණයි. නමුත් මහින්ද රාජපක්‍ෂ එයාගේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සමුළු පවත්වද්දී, මැතිවරණවලදී තම පක්‍ෂයේ රැස්වීම් අමතන්න රට වටේ යද්දී මහජන මුදල් වැය කරන එක සාධාරණදැයි
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රශ්න කරයි.
රාජපක්‍ෂ තමන්ගේ පක්‍ෂයේ වැඩවලට, පෞද්ගලික වැඩවලට වියදම් කරන්නෙත් රටේ පොදු ජනතාවගේ මුදල් බවත්, හොඳ පැත්තකට ගමන්කරන රටක එසේ නොවිය යුතු බවත් පවසන ලාල්කාන්ත මහතා පවසන්නේ රටේ මහජනතාව අතර මේ සම්බන්ධයෙන් කතිකාවක් ඇති විය යුතු බවයි.
ආණ්ඩුවේ වියදම් පිළිබඳ දැඩිව විවේචනය කරමින් ලාල්කාන්ත මහතා පසුගියදා පිළියන්දලදී පැවැති ජනහමුවකදී වැඩිදුරටත් මෙසේද කීය.
ඇමැතිවරු 76කගේ පෞද්ගලික කටයුතුවලට මහජන මුදල් වැය කරනවා. අපේ රට හදන්න ජනතාවට නායකත්වය දෙනවා යැයි කියන ඇමැති මණ්ඩලයේ 76කගේ නිල නිවාසවල බිල් රටේ ජනතාව ගෙවනවා නම් මේ රටේ දේශපාලන සංස්කෘතිය හොඳ එකක් නොවේ. මේ තරම් විදුලිබිල ඉහළ යද්දී ඇමැතිවරුන්ගේ නිල නිවාසවල බිල් මහජන මුදලින් නොගෙවිය යුතු බවට චක්‍රලේඛයක් නිකුත් කරන්න කියලා අපි කිව්වා. නමුත් ආණ්ඩුවට ඒවා ඇහෙන්නේ නැහැ.
අයි.ඕ.සී. සමාගම ඛනිජ තෙල් අලෙවි කරනවා. අපේ ඛනිජ තෙල් සංස්ථාවත් කරන්නේ ඒකයි. ඒත් අයි.ඕ.සී. ලාභ ලබද්දී පෙට්ට්‍රෝලියම් එක පාඩු ලබනවා. ඒ කියන්නේ මහින්ද රාජපක්‍ෂට බෑ කියන එකයි.

මත්තල ගුවන්තොටුපොළ, හම්බන්තොට වරායවල් හදනවා. නමුත් ප්‍රමුඛතාවක් නැහැ. එහෙම කරන්නේ ඇයි කියලා ජනතාව ප්‍රශ්න කළ යුතුයි.
අපිට පිරිපහදුවක් තිබුණා නම් එහි අතුරුපලවලින් ප්‍රමිතියෙන් යුතු රසායනික ද්‍රව්‍ය පොහොර ලබාගන්න තිබුණා. නමුත් ඒ දේවල් කරන්නේ නැහැ. මත්තලද වටින්නේ පිරිපහදුවද වටින්නේ කියලා ජනතාව ප්‍රශ්න කළ යුතුයි. මහින්ද රාජපක්‍ෂට ආර්ථිකේ පිළිබඳ දර්ශනයක්, දැක්මක් නැහැ. වත්ත වටේ තාප්ප ගහලා ගේට්ටුවේ ලියනවා මහින්ද රාජපක්‍ෂ විසින් විවෘත කරන ලදී කියලා.

1978 ඉඳන් රජය නිෂ්පාදනයෙන් ඉවත් වුණා. ප්‍රේමදාස, චන්ද්‍රිකා, රනිල් දැන් මහින්ද රජය සතුව තිබූ නිෂ්පාදනයේ අයිතියෙන් ඉවත් වෙමින් ඉන්නවා. අධ්‍යාපනයෙන් අයින් වෙනවා. සෞඛ්‍යයෙන් අයින් වෙනවා. එතකොට තමයි 77දී පාසලේදී හමුවූ ගුරුවරයා දැන් ටියුෂන් එකේදී හමුවෙන්නේ. 77දී ‍ෙදාස්තරලා හමුවුණේ ඉස්පිරිතාලෙන්. දැන් හමුවන්නේ ෆාමසියෙන්.

මේ වනවිට රාජ්‍ය ආයතන ගණනාවක පාඩුව රුපියල් කෝටි 18,000ක් කියලා කියනවා. දැන් ආණ්ඩුවට අයි.එම්.එෆ්. එක යෝජනා කරලා තිබෙන්නේ සකසුරුවම් ක්‍රමයයි. ඒ කියන්නේ කප්පාදුවයි. දැන් ඒ වැඩේට මහින්ද බැහැල ඉන්නේ.
You might also l

No comments:

Post a Comment