තණමල්විල මල් අතර මගදි ගස් වෙ
තණමල්විල
ප්‍රදේශයේ සිට හලාවත ප්‍රදේශයට ගෙන එමින් තිබු ගංජා තොගයක් සමග
සැකකරුවෙකුව හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඉකුත් 10 වැනිදා මෙම
වැටලීම සිදු කර ඇත. සැකකරු සතුව තිබී රුපියල් ලක්ෂ 10 ක්පමණ වටිනා ගංජා
කිලෝ ග්‍රෑම් 25 ක් පොලිස් බාරයට ගෙන ඇත. හලාවත පොලීසියේ බුද්ධි අංශයේ
නිළධාරීන්ට ලද තොරතුරක් මත කාක්කපල්ලිය - පොන්නන්කන්නිය ප්‍රදේශයේදී සැකකරු
සමග ගංජා තොගය අත්අඩංගුවට ගැනීමට පොලිස් නිළධාරීන් සමත්වීඇත.
තමන් විසින් ගෙන එන ගංජා හලාවත,ආරච්චිකට්ටුව,මාදම්පේ සහ මාරවිල ප්‍රදේශ වලට
තොග වශයෙන් බෙදා හරින බව සැකකරු පොලිස් නිළධාරීන්ට පවසා ඇත. සැකකරු සහ
ගංජා තොගය හලාවත දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. හලාවත මුලස්ථාන පොලිස් පරීක්ෂක මනෝජ් රණගල මහතා ඇතුළු නිළදාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.
ජුඩ් සමන්ත
No comments:
Post a Comment