Monday 10 June 2013

උතුරු කොරියාව හා දකුණු කොරියාව සාකච්ඡා මෙම සතියේ

2007 වසරෙන් පසුව පළමුවරට රාජ්‍ය මට්ටමින් පැවැත්වෙන ඉහළ මට්ටමේ සාකච්ඡා සඳහා උතුරු කොරියාව හා දකුණු කොරියාව එකඟව ඇති අතර එම සාකච්ඡා මෙම සතියේ අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා යන දෙදින තුළදී සියෝල් හි පැවැත්වීමට නියමිතය. 1950 – 1953 අතර කාලයේදී පැවැති කොරියානු යුද්ධය නිමාවට පත් කරන ලද සටන් විරාම ගිවිසුමට අත්සන් තැබූ පැන්මුන්ජොම් නගරයේදී පැවැත්වුණා ප්‍රාථමික මට්ටමේ සාකච්ඡා වල දී දෙපාර්ශවයේ බලධාරීන් මෙම තීරණයට එළඹ තිබේ. දෙරට අතර විශ්වාසය ගොඩනගා ගැනීම සඳහා පැන්මුන්ජොම් හි පැවති සාකච්ඡා ඉකුත් පෙබරවාරි මාසයේදී උතුරු කොරියාව විසින් සිදු කළ තෙවන න්‍යෂ්ඨික අත්හදාබැලීමෙන් පසුව දෙරට අතර උද්ගතවූ අර්බුදය නිමාවට පත් කරලන්න වු බව කියැවේ.

No comments:

Post a Comment