Friday, 14 June 2013

ලෝක පූජිත ලේඛිකාවක, චිත්රස ශිල්පිනියක්‌, පුවත්පත් කතුවරියක වූ කමලා දාස්‌ එතැනින් නොනැවතී දේශපාලනයටද පිවිසියාය.

ඉන්දීය කවිය කමලාසනයක්‌ කළ
කමලා දාස්‌

කේරළයේ මලබාර්හි අග හිඟකම්වලින් තොර වූ හින්දු භක්‌තික පවුලක ඇය උපන්නේ 1934 මාර්තු මස 31 වැනිදාය. ලේඛන කලාවට නොයෙක්‌ ආකාරයෙන් සබඳකම් පැවැති ඇගේ මව, පියා සහ මාමා ද එවකට කේරලයේ ප්රකකට ලේඛක චරිත තුනක්‌ විය. වී. එම්. නයර් නම් වූ ඇගේ පියා කේරළයේ ජනප්රි්ය පුවත්පතක්‌ වූ "මාතෘභූමි" හි කතුවරයකු වූයේය. ඇගේ මව නලපත් බාලමනි අම්මා සාහිත්යටය පිළිබඳව ඉන්දීය රජයෙන් පිරිනැමෙන ඉහළම සම්මානයද ලබා සිටියාය. "නලපත් නාරායන මෙනන්" නම් වූ ඇගේ මාමා ඉන්දියාවෙහි සම්මානිත ලේඛකයකු විය.
වයස අවුරුදු හයේදී කමලා කවි ලිව්වේ ඇගේ ලෝකයේ ඈ සමග හිඳි හිස සුන් බෝනික්‌කන් පිළිබඳවය. පාසලකට යවනු නොලැබූ ඇය වයස අවුරුදු 15 දක්‌වාම නිවසේදීම අධ්යාසපනය ලැබුවාය. අධ්යාසපන කටයුතු නිමා වූ වහාම ඇයට වඩා අවුරුදු පහළොවකින් වැඩිමල් වූ උසස්‌ බැංකු නිලධාරියකු හට ඇය විවාහකොට දෙනු ලැබිණි. එතැන් පටන් ඇය කමලා දාස්‌ නම් වූවාය.
කෙටිකතා, තීරු ලිපි සහ නවකතා යන ක්ෂේටත්රමයන්හීද නිරන්තරවම රැඳී සිටි නමුදු "කමලා දාස්‌" යන නාමය වඩාත් ඉස්‌මතු වූයේ කිවිඳියක ලෙසටය. ආසියාකරයේ හොඳම කිවිඳිය ලෙස වරෙක ගරු සම්මාන ලද ඇය 1984 වසරේදී සාහිත්යිය පිළිබඳ නොබෙල් ත්යාසගය සඳහා නිර්දේශිත නාමයන් අතර රැඳී සිටියාය.
ඇගේ බොහෝ කවි කතා ආදරය, රාගය, අනියම් සම්බන්ධතා මෙන්ම දරුවන්ගේ ආරක්ෂා ව පිළිබඳව ද කතාබහ කළේය. එබැවින් ලෝකය ඇය දුටුවේ කාන්තාවාදී ලේඛිකාවක ලෙසටය.
ලෝක පූජිත ලේඛිකාවක, චිත්රස ශිල්පිනියක්‌, පුවත්පත් කතුවරියක වූ කමලා දාස්‌ එතැනින් නොනැවතී දේශපාලනයටද පිවිසියාය. ලෝක්‌ සේවා (Lok Seva) දේශපාලන පක්ෂියෙහි ප්රෝබල ක්රිමයාකාරිනියක වූ ඇය 1984 වර්ෂයේදී එම පක්ෂෂය වෙනුවෙන් ඉන්දීය මහ මැතිවරණයේදී තරග වැදුණාය. එහෙත් ඇය පරාජය වූවාය. මැතිවරණයෙන් අසාර්ථක වුවද අනාථ වැන්දඹුවන්, දරුවන් සහ ඔවුන්ගේ ආරක්ෂාැව වෙනුවෙන් තම පක්ෂථය තුළින් ඇය මහත් මෙහෙයක්‌ ඉටුකොට ඇත.
"ජීවිතේ අත්දැකීම්වලින් පුරවාගන්නටයි මම හැම විටම උනන්දු වන්නේ. මරණයෙන් මතු නැවත ජීවිතයක්‌ මා තුළ විශ්වාසයක්‌ නෑ." ඇය වරෙක එලෙස ප්රයකාශ කොට තිබිණි. ජීවිතය බොහෝ අත්දැකීම්වලින් පුරවාගත් ඇය හැත්තෑපස්‌වැනි වියේදී "පූනේ" හි රෝහලකදී අවසන් සුසුම් හෙළුවාය.
                                                                                        සටහන සචිනි මුනසිංහ 
 

No comments:

Post a Comment