Friday 14 June 2013

මම එලියට ආපු දවසට බලා ගනිල්ලා උඹලාට කරන දේ" : වාස්ගෙන් රහස් පොලිස් නිලධාරීන්ට මරණ තර්ජන


මට තේරුණා, උඹලා මේ වැඩේ කරනවා කියලා. හැබැයි උඹලාට බෑ හැමදාම මාව ඇතුලේ තියා ගන්න. ශානි මම මිනීමරුවෙක්... මම එලියට ආපු දවසට බලා ගනිල්ලා උඹලාට කරන දේ" මිනීමරු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනයෙග් ප්‍රශ්න කර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු අසුන්ගෙන සිටි පුටුව පිටුපසට තල්ලූකර තමාට තර්ජනය කළ බව පරීක‍ෂණ මෙහෙයවන රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අද අධිකරණයට වාර්තා කෙළේය.

මිනීමරු වාස් ගුණවර්ධන අධිකරණයට අද ඉදිරිපත් කළ අවස්ථාවේදී අතිරේක මහේස්ත්‍රාත් ඒ.එම්. සහබ්දීන් වෙත ශානි අබේසේකර විසින් ඉදිරිපත් කළ පරීක‍ෂණ ප්‍රගතිය දැක්වෙන වාර්තාවේ මේ බව සඳහන් වේ.

වාස්ගේ ඉහත ප්‍රකාශය සිද්ධිය විමර්ෂණය කරන නිලධාරීන්ට කළ ජීවිත තර්ජනයක් මෙන්ම පවුලේ අයට එල්ල වූ තර්ජනයක් බව රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර අධිකරණය හමුවේ පැවසීය.

වාස් ගුණවර්ධන සේවය කළ බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පවත්වාගෙන ගිය තොරතුරු පොත් සහ රාජකාරී ලේඛණ ද රහස් පොලිසිය භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂක බමුණුසිංහ ඇතුළු පොලිස් නිලධාරීන් 04 දෙනා එදිනෙදා කළ රාජකාරීවල කිසිදු සටහනක් නොතිබූ බව ශානි අබේසේකර පැවසීය. වාස්ගේ වාචික නියෝග අනුව කටයුතු කර ඇති මෙම නිලධාරීන් කිසිදු පාලනයකින් තොරව කි්‍රයාකර ඇති බවද රහස් පොලිසිය අද ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වේ.

කෝටිපති ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ සිද්ධියේදී වාහන දෙකක්ද අත්අඩංගුවට ගත් අතර, ඉන් එකක් කොළඹ අපරාධ කොට්ඨාශයට අයත් කැබ් රථයකි. එහි තිබී අඩි 02 ක් පමණ දිග තංගුස් නූල් දෙකක්, චීත්ත රෙදි කැබැල්ලක් මෙන්ම, කෙස් ගස් දෙකක්ද සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් අනෙක් වාහනය වන වෑන් රථයේ පිටුපස බලන කණ්නාඩියේ තිබී ඇඟිලි සලකුණු දෙකක්ද සොයාගත් බව රහස් පොලිසිය සඳහන් කළේය.

කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම්ට වෙඩි තබා ඝාතනය කර නිරුවත් කර දොම්පේ ප්‍රදේශයේ පාළු පෙදෙසක දමා තිබිණ. මුස්ලිම් ජාතිකයෙකු වන ඔහු මේ ආකාරයෙන් ඝාතනය කිරීමට අපරාධකරුවන්ට අරමුණක් පහළ වූයේ කෙසේද යන්න ප්‍රබල සැකයක් මතුවන බවද රහස් පොලිසිය අධිකරණය හමුවේ අද සඳහන් කළේය. සැකකරුවන් කළ බව කියන අපරාධ විශාල සංඛ්‍යාවක් පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇති බවද රහස් පොලිසිය වැඩිදුරටත් අධිකරණයට පැවසීය.
 

උපුටා ගැනිම Lankaenews


Photo: "ශානි මම මිනීමරුවෙක්..! මම එලියට ආපු දවසට බලා ගනිල්ලා උඹලාට කරන දේ" : වාස්ගෙන් රහස් පොලිස් නිලධාරීන්ට මරණ තර්ජන -අධිකරණයට කියයි----

(ලංකා ඊ නිව්ස් -2013.ජුනි.13, ප.ව.8.30) "මට තේරුණා, උඹලා මේ වැඩේ කරනවා කියලා. හැබැයි උඹලාට බෑ හැමදාම මාව ඇතුලේ තියා ගන්න. ශානි මම මිනීමරුවෙක්... මම එලියට ආපු දවසට බලා ගනිල්ලා උඹලාට කරන දේ" මිනීමරු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනයෙග් ප්‍රශ්න කර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු අසුන්ගෙන සිටි පුටුව පිටුපසට තල්ලූකර තමාට තර්ජනය කළ බව පරීක‍ෂණ මෙහෙයවන රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අද අධිකරණයට වාර්තා කෙළේය.

මිනීමරු වාස් ගුණවර්ධන අධිකරණයට අද ඉදිරිපත් කළ අවස්ථාවේදී අතිරේක මහේස්ත්‍රාත් ඒ.එම්. සහබ්දීන් වෙත ශානි අබේසේකර විසින් ඉදිරිපත් කළ පරීක‍ෂණ ප්‍රගතිය දැක්වෙන වාර්තාවේ මේ බව සඳහන් වේ. 

වාස්ගේ ඉහත ප්‍රකාශය සිද්ධිය විමර්ෂණය කරන නිලධාරීන්ට කළ ජීවිත තර්ජනයක් මෙන්ම පවුලේ අයට එල්ල වූ තර්ජනයක් බව රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර අධිකරණය හමුවේ පැවසීය. 

වාස් ගුණවර්ධන සේවය කළ බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පවත්වාගෙන ගිය තොරතුරු පොත් සහ රාජකාරී ලේඛණ ද රහස් පොලිසිය භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂක බමුණුසිංහ ඇතුළු පොලිස් නිලධාරීන් 04 දෙනා එදිනෙදා කළ රාජකාරීවල කිසිදු සටහනක් නොතිබූ බව ශානි අබේසේකර පැවසීය. වාස්ගේ වාචික නියෝග අනුව කටයුතු කර ඇති මෙම නිලධාරීන් කිසිදු පාලනයකින් තොරව කි්‍රයාකර ඇති බවද රහස් පොලිසිය අද ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වේ. 

කෝටිපති ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ සිද්ධියේදී වාහන දෙකක්ද අත්අඩංගුවට ගත් අතර, ඉන් එකක් කොළඹ අපරාධ කොට්ඨාශයට අයත් කැබ් රථයකි. එහි තිබී අඩි 02 ක් පමණ දිග තංගුස් නූල් දෙකක්, චීත්ත රෙදි කැබැල්ලක් මෙන්ම, කෙස් ගස් දෙකක්ද සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් අනෙක් වාහනය වන වෑන් රථයේ පිටුපස බලන කණ්නාඩියේ තිබී ඇඟිලි සලකුණු දෙකක්ද සොයාගත් බව රහස් පොලිසිය සඳහන් කළේය. 

කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම්ට වෙඩි තබා ඝාතනය කර නිරුවත් කර දොම්පේ ප්‍රදේශයේ පාළු පෙදෙසක දමා තිබිණ. මුස්ලිම් ජාතිකයෙකු වන ඔහු මේ ආකාරයෙන් ඝාතනය කිරීමට අපරාධකරුවන්ට අරමුණක් පහළ වූයේ කෙසේද යන්න ප්‍රබල සැකයක් මතුවන බවද රහස් පොලිසිය අධිකරණය හමුවේ අද සඳහන් කළේය. සැකකරුවන් කළ බව කියන අපරාධ විශාල සංඛ්‍යාවක් පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇති බවද රහස් පොලිසිය වැඩිදුරටත් අධිකරණයට පැවසීය.

No comments:

Post a Comment