Friday 14 June 2013

යුද හමුදාපති ජෙනරාල් නිලයට

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය ඊයේ (14 දා) සිට ජෙනරාල් නිලයට උසස්‌ කර ඇත.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මෙම උසස්‌වීම සිදු කර ඇති අතර ඒ අනුව යුද හමුදාපතිවරයා තරු හතරේ ජෙනරාල්වරයකු ලෙස කටයුතු කරනු ඇත.

2009 ජුනි මස 15 වැනි දින ලුතිනන් ජෙනරාල් නිලයට උසස්‌ වී යුද හමුදාපති ධුරයට පත්වූ ජෙනරාල් ජයසූරිය එම ධුරයේ සේවා කාලය සිව්වසරක්‌ සපිරීමට නියමිතව සිටියදී ජෙනරාල් නිලයට උසස්‌වීමක්‌ ලැබීය.

No comments:

Post a Comment