Monday 3 June 2013

රජරට සරසවි නේවාසිකාගාරය ඉදිරිපිට හිස්කබලක්

අනුරාධපුර බුලංකුලම දිසා මාවතේ පිහිටි ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයක් ඉදිරිපිට මිනිස් හිස් කබලක් තබා යාම සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශය පරීක්ෂණ පවත්වයි. ඊයේ (02) අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයට ලැබුණ තොරතුරකට අනුව බුලංකුළම දිසා මාවතේ, පළවැනි පටුමගේ, සාලියපුර වෛද්‍ය පීඨයේ දිසානායක නේවාසිකාරය ඉදිරිපිට තිබී මෙම හිස්කබල පොලිස් භාරයට ගෙන ඇත. මෙම හිස්කබල කිසිවකු විසින් සිසුන් බිය ගැන්වීම සඳහා ගෙනැවිත් දැමුවේද යන්න අනාවරණය කර ගැනීමට පොලිස් පරීක්ෂණ පැවැත්වේ.පොලිස් භාරයට ගත් හිස්කබල පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කළ එකක් බව පොලිසිය ල්ල්          

                                                                                                               මහේෂ් විජේසූරිය (අනුරාධපුරය)

No comments:

Post a Comment