Monday 3 June 2013

නාමල් රාජපක්ෂ නීතිවිභාගයට පෙනී සිටි අයුරු සහ විශේෂ වරප්‍රසාද යටතේ විභාගයට පිළිතුරු ලියු අයුරු

මීට වසර කිහිපයකට පෙර වත්මන් ජනාධිපති පුත් සහ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මුහුණදුන් නීති විභාගවලදී ඔහු නීතිවිරෝධී අයුරින් විශේෂ වරප්‍රසාද යටතේ විභාගයට පිළිතුරු ලිවීමට සලස්වන ලද බවද තමා සතුව ඇසින් දුටු සාක්ෂි තිබෙන බවට සඳහන් කරමින් සම වයසේ නීතිශිෂ්‍යයකු වූ තුෂාර ජයරත්න මහතා විසින් අදාළ අංශවලට දිගින් දිගටම පැමිණිලි කර තිබිණ. එහෙත් ඔහු පවසා සිටින්නේ එහෙත් ඊට අදාළ නිසි ක්‍රියාමාර්ග ගැනීමට අදාළ අංශ ක්‍රියානොකළ බවත්, නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ක්‍රියාත්මක වූ තමාට දරුණු වද බන්ධනයන්ට මුහුණපෑමට සිදු වූ බවත්, ඒ හේතුවෙන්ම තමා අදවන විට යම් රෝගීතත්වයකින් පවා පෙළෙන බවත්ය.
කෙසේ වෙතත් දැනට දේශපාලන සහ ජීවිත අවදානම හේතුවෙන් විදේශගතව සිටින තුෂාර ජයරත්න මහතා පසුගියදා අමෙරිකා එක්සත් ජනපදයේ විකාශනය වන “බොස්ටන් ලංකා” රූපවාහිනී නාලිකාව සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා නීතිවිභාගයට පෙනී සිටි අයුරු සහ එම විභාගයෙන් ඉහළම ලකුණු වාර්තාගත කරමින් ඔහු සමත් වෙද්දී; ඔහු සමඟ විභාගයට පෙනී සිටි තුෂාර ජයරත්න මහතා මුහුණ දුන් අත්දැකීම් ඔහු මෙසේ පවසා ඇත.
“බොස්ටන් ලංකා” රූපවාහිනි නාලිකාව තුෂාර ජයරත්න මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාව ඇතුලත් වීඩියෝව පහත දැක්වේ.

No comments:

Post a Comment