Tuesday 4 June 2013

කුරුඳු තලමින් සිටි මව සහ දියණියට අතවර කරලා

ඇල්පිටිය කරුඳුගහ තලාව ප්‍රදේශයේ නිවසකට ඉකුත් 01දා රාත්‍රී ඇතුලුවූ සන්නද්ධ පිරිසක් නිවැසියන් බියවද්දා අත්පා බැද දමා නිවෙසේ සිටි මවකට හා ඇගේ දියණියට ලිංගික අතවර සිදුකොට ‍පළාගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය කියයි. අතවරයට පත්ව ඇති කාන්තාව 65 හැවිරිදි විශ්‍රාමික කාන්තාවක් බවත් ඇයගේ දියණිය 21 හැවිරිදි තරුණියක් බවත් පොලිසිය කියයි. නිවසේ කුරුඳු තලමින් සිටියදී රාත්‍රී 8.00 ට පමණ සැකකරුවන් සිව් දෙනෙකු නිවසට ඇතුලුවී ඇති බවත් කරුඳු තලමින් සිටි නිවැසියන් බියගන්වා අත් පා බැඳ දමා සැකකරුවන් හතර දෙනෙකු මවට හා දියණියට අතවර කර ඇති බවත් පොලිසිය කියයි. අතවරයට පත්වූ මව හා දියණිය ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇත. 

 
                                                                                                    සූරියාරච්චි - ඇල්පිටිය

No comments:

Post a Comment