Tuesday 4 June 2013

පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ 18 දා සිට අකුරට වැඩ

සේවා ඉල්ලීම් දෙකකට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් සියලු රජයේ රෝහල් පරිපූරක වෛද්‍ය වෘත්තිකයින් මෙම මස 18 වැනිදා සිට දීපව්‍යාප්ත අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක්‌ ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බලමණ්‌ඩලය පවසයි.

මේ යටතේ රජයේ රෝහල් වාට්‌ටුවලට ගොස්‌ පරීක්‍ෂණයන් සඳහා රෝගීන්ගේ ලේ, මුත්‍රා ලබා ගැනීම හා අත්‍යවශ්‍ය එක්‌ස්‌ කිරණ, ස්‌කෑන් හා එම් ආර් අයි පරීක්‍ෂණ සිදු කිරීම නතර කෙරෙන බව පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බලමණ්‌ඩලයේ ලේකම් සමන් ජයසේකර මහතා "දිවයින"ට පැවැසීය.

රැකියා විරහිත පරිපූරක වෛද්‍ය උපාධාරීන් 600 දෙනා කඩිනමින් රජයේ රෝහල් සේවයට බඳවා ගැනීම හා වසර ගණනක්‌ මුළුල්ලේ ප්‍රමාද වෙමින් පවතින පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ උසස්‌වීම් ලබා දීම යන ඉල්ලීම් මුල් කරගෙන මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව ජයසේකර මහතා කීවේය.

රජයේ රෝහල් ඖෂධවේදීන්, වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥයින් (එම්. එල්. ටී) විකිරණවේදීන්, භෞතිකවේදී චිකිත්සකයින් (µsසියෝතෙරපිස්‌ට්‌) හා වෘත්තීයවේදී චිකිත්සකයින් යන පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ මෙම අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය ක්‍රියාත්මක කරති

No comments:

Post a Comment