Thursday 13 June 2013

වෙනිසියුලාවේ ආර්ථිකය අස්ථාවර කිරීමේ අරමුණෙන් රාජ්‍ය විරෝධී කණ්ඩායම් විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ තොගපිටින් ගොඩගසයි.

ටොයිලට් ටිෂූ කඩදාසි සොයාගැනීමට උපකාරී වන ඇප් මෘදුකාංගයක් වෙනිසියුලානු ජාතිකයන් දහස්ගණනක් විසින් බාගෙන ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.
ඉංග්‍රීසි බසින් 'සප්ලයි මී' ලෙස නම් කර ඇති මෙම ඇප් මෘදුකාංගය මගින් ටොයිලට් ටිෂූ කඩදාසි තොග තිබෙන සුපිරි වෙළඳසැල් මොනවාදැයි පාරිභෝගිකයන් හට දැනගත හැක.
නොමිලේ ලබාදෙන ඇන්ඩ්‍රොයිඩ් ඇප් මෘදුකාංගයක් වන මෙය පසුගිය සතියේ එළිදක්වා ඇති අතර, මේ වන විටත් එය 12,000කට වැඩි වරක් බාගෙන ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
මෙහි නිර්මාතෘ හොසේ ඕගස්ටෝ මොන්ටියෙල් පවසා තිබුනේ මෙම මෘදුකාංගය වැඩිපුරම බාගෙන තිබුනේ කැරකාස් අගනුවර ජනයා විසින් බවයි.
පසුගිය මාස කිහිපය පුරාවටම වෙනිසියුලාවේ ටොයිලට් ටිෂූ කඩදාසි සොයාගැනීම යනු අතිශය දුශ්කර කාර්යයක් බවට පත්වී ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.
මීට ප්‍රධාන වශයෙන් බලපා තිබුනේ එරට රජය විසින් පනවන ලද මිල පාලක බව ආර්ථික විශ්ලේෂකයන් පැවසුවද රජය චෝදනා කර සිටින්නේ වෙනිසියුලාවේ ආර්ථිකය අස්ථාවර කිරීමේ අරමුණෙන් රාජ්‍ය විරෝධී කණ්ඩායම් විසින් ටොයිලට් ටිෂූ කඩදාසි වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ තොගපිටින් ගොඩගසන බවයි.
මීට පිළිතුරු වශයෙන් ළඟඳීම ටොයිලට් ටිෂූ කඩදාසි රෝල් මිලියන 50ක් වෙළඳපොලට එක්කරන බව වෙනිසියුලානු රජය පවසා ඇතැයි විදෙස් වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.

No comments:

Post a Comment