Thursday 13 June 2013

ආපදා ඇමති ධීවරයින්ට අපහාස කරනවා ජවිපෙ කියයි

ඉන්ධන සහනාධාරය නොලැබි, අතිශය දුෂ්කර කොන්දේසි වලට යටත්ව ජිවත්වීම වෙනුවෙන් මුහුදු යාමට බල කෙරුණු ධිවර ජනතාව තම ජිවිත වලින් වන්දි ගෙවා ඇති බවත්, ආණ්ඩුව දැන් කළ යුත්තේ බෝල පාස් කිරිමේ ක්‍රීඩාව නවතා මියගිය ධීවර ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට වහාම වන්දි ලබා දිමට කටයුතු කිරිම බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එමෙන්ම විපතට පත් ධිවර ජනතාවට වහා සහන සලසා, ඔවුන්ගේ කැඩි බිඳි ගිය ධිවර ආම්පන්න යථාවත් කිරිමට අවශ්‍ය පහසුකම් සැලසීම බව ද පවසන එම පක්ෂය ඊනියා කමිටු වාර්තා මගින් සිදුවිම යටපත් කිරිමට කටයුතු නොකරන ලෙසට ද ආණ්ඩුවට අවධාරනය කරන බව ද පවසයි.
ගමන්ගෙන් වරදක් සිදුවු බව ආපදාව පිළිබඳව පත් කරන ලද ජනාධිපති කමිටුවෙන් ඔප්පු වුවහොත් ඉල්ලා අස්වන බවට ආපදා කළමණාකරන අමාත්‍යවරයා ඉළ ඇදෙන විහිලුවක් කරන බවත්, කිසිසේත් ම එවැන්නක් අදාල කමිටුවෙන් සිදු නොවන බව ස්තිර ලෙසම දන්නා අමාත්‍යවරයා මේ සිදු කරන්නේ මියගිය ධිවරයින්ට අපහාස කිරිමක් මිස වෙනකක් නොවන බව ද එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

No comments:

Post a Comment