Friday, 14 June 2013

දකුණු කොරියාවේ ඔත්තු සේවා ප්‍රධානියාට එරෙහිව චෝදනා

දකුණු කොරියාවේ ඔත්තු සේවා ආයතනය වන ජාතික බුද්ධි අංශ සේවයේ හිටපු ප්‍රධානියා වන වොන් සෙයි හුන් හට ඉකුත් වසරේදී පැවැති ජනාධිපතිවරණයට අයුතු බලපෑම් කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබේ. මේ වසරේ මුල් භාගය වන තෙක් ඔත්තු සේවයේ ප්‍රධානියා ලෙස සේවය කළ වොන් විසින් ‍පොක් ජියුන් දායි හට ඡන්දය ලබාදෙන ලෙසට අන්තර්ජාලය ඔස්සේ පෙළඹවීම් සිදුකළ බවට කියැවෙන අතර ඔහු දකුණු කොරියාවේ හිටපු ජනපති ලී මියුන්ග් බක් යටතේ ඇමැතිවරයෙකු ලෙසද සේවය කරන ලද්දෙකි.
සිය ප්‍රතිවාදියා වන මුන් ජේ පරාජයට පත්කරමින් දකුණු කොරියාවේ පළමු ජනාධිපතිවරිය ලෙස තේරී පත්වීමට ‍පොක් ජියුන් දායි සමත් වූ අතර මැතිවරණයට බලපෑම් කළ මෙබඳු මෙහෙයුමක් ක්‍රියාත්මක වූ බවක් ඇය දැන සිටියාද යන්න සාක්ෂි ලැබි නොමැත.

No comments:

Post a Comment