Sunday 16 June 2013

ඉරානයට නව ජනපතිවරයෙක්

ඉකුත් දින පැවැති ඉරාන ජනාධිපතිවරණයෙන් 50ට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් එරට නව ජනපතිවරයා ලෙස හසන් රවුහානි තේරී පත්වී ඇති බව වාර්තා වේ. පැවිද්දෙකු වන රවුහානි විසින් 50කට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් පළමු වටයෙන්ම ලබාගැනීමට සමත් වීම නිසා ජනාධිපතිවරණ දෙවන වටයක් පැවැත්වීමේ අවශ්‍යතාව ගිලිහී ගොස් ඇති අතර, ඔහුගේ ජයග්‍රහණය සමරමින් දහස් ගණනක් වූ ඉරාන වැසියන් ටෙහෙරාන් නුවර වීදී බැස ප්‍රීති ඝෝෂා පැවැත්වූ බව කියැවේ.
ඇමෙරිකාවද සිය සුබපැතුම් එක් කරමින් නව ඉරාන රජය සමග එක්ව කටයුතු කිරීමට කැමැත්ත පළකොට ඇති අතර, ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කුමේනිද සිය ප්‍රීතිය පළ කරමින් නව ජනපතිවරයාට පූර්ණ සහයෝගය පළ කරන ලෙසට ඉරාන වැසියන්ගෙන් ඉල්ලීම් සිදුකොට තිබේ.
ලබන අගෝස්තු මස 3 දා කුමේනි විසින් ඡන්ද ප්‍රතිඵලයේ වලංගුතාවය ස්ථීර කිරීමෙන් අනතුරුව නව ඉරාන ජනාධිපතිවරයා ලෙස “හසන් රවුහානි” පාර්ලිමේන්තුවේදී දිවුරුම් දෙනු ඇත.

No comments:

Post a Comment