-
ලංකා ගුරු සේවා සංගමයේ ලේකම
නවගත්තේගම ඉසුරු පාසලේ ගුරුවරිය දණගැස්‌වූ පළාත් සභා
මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතාට එරෙහිව සාක්‍ෂි ලබාදුන්
අයට බලපෑම් එල්ල වී ඇති බවට දැනගන්නට ඇතැයි ලංකා ගුරුසේවා
සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාක්‍ෂි ලබාදුන් නියෝජ්‍ය
විදුහල්පතිනිය බලපෑම් නිසා පසුව දිවුරුම් ප්‍රකාශයක්
මගින් සාක්‍ෂි ඉවත් කර ගැනීමට පෙළඹීම මෙයට හොඳම උදාහරණයක්
බව ජයසිංහ මහතා කියා සිටියේ ඊයේ (16 වැනිදා) නිපෝන් හෝටලයේ
පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.
පාසල් ගුරුවරිය පළාත් සභා මන්ත්‍රීවරයාගේ බලපෑම්වලට යටත්
වී දරුවන් ඉදිරිපිට අසරණභාවයට පත්වූවේ පාසලේ විනය ආරක්‍ෂා
කිරීමට යැමෙන් බවද හෙතෙම කියා සිටියේය.
ගුරුවරුන් සඳහා වැටුප් වර්ධක ලබාදීමේදී පාසලේ විනය
රැකගැනීමට විදුහල්පතිවරයාට දැක්‌වූ සහයෝගය පිළිබඳව පවා
විමසා ඇතැයි පෙන්වා දුන් ජයසිංහ මහතා මේ සිද්ධිය ගුරුවරියට
පමණක් නොව මුළු රාජ්‍ය සේවයටම වූ සිදුවීමක් ලෙස තමන්
දකින බවද කීය.
ඇමැතිවරුන් මිනිසුන් ගස් බඳිද්දී, ඇමැති පුතුන් හමුදා
නිලධාරීන්ට පහර දෙද්දී ඒවාට එරෙහිව වගකිවයුතු අංශ නිහඬව
සිටීම නිසා රට තුළ විනයක් නැති පිරිස් බිහිවී ඇති බව
හෙතෙම පෙන්වා දුන්නේය.
මෙම සිදුවීම සුළුවෙන් තකා නිහඬව සිටිය නොහැකි බවත් එම නිසා
ඉදිරියේදී මෙවැනි සිද්ධි නැවත නොවීමට බලධාරීන් දැනුවත්
කිරීමට විරෝධතා ව්‍යාපාර ගෙන යන බවත් ජයසිංහ මහතා
වැඩිදුරටත් කියා සිටියේය.
No comments:
Post a Comment