Friday 14 June 2013

සංගාගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්‌


කුමාර් සංගක්‌කාරගේ සටන්කාමී පිති ප්‍රහාරය හමුවේ ජවය ලද ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව කඩුලු 7 ක ජයක්‌ ලබමින් චැම්පියන්ස්‌ කුසලාන එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ අවසන් පූර්ව තරග බලාපොරොත්තු මුදුන් පමුණුවා ගැනීමට සමත් විය.

අදාළ ජයත් සමග zඒZ කාණ්‌ඩයෙන් අවසන් පූර්ව තරග වරම් ලැබීමට නම් ශ්‍රී ලංකාව ඔස්‌ටේ්‍රලියාව සමග පැවැත්වෙන තරගය නියත වශයෙන් ජය ගත යුතු අතර යම් හෙයකින් එම තරගය විසඳුමකින් තොරව නිමා වුවහොත් ඔස්‌ටේ්‍රලියාව තරගාවලියෙන් ඉවතට විසි වී ශ්‍රී ලංකාවට තවදුරටත් අවසන් පූර්ව තරග බලාපොරොත්තු තබා ගැනීමේ හැකියාව පවතී.

එංගලන්තයට එරෙහිව සිය පළමු එක්‌දින ශතකය සමග තම ශතක මල්ලට 15 වැනි ශතකය එකතු කරගත් සංගක්‌කාරගේ වෙහෙසකර ඉනිම සඳහා පන්දු 135 ක්‌ වැය කරන අතරවාරයේ හතරේ පහර 12 ක්‌ සමග ලකුණු 134 ක්‌ ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

අවසන් පන්දු 90 දී ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා ලකුණු 107 ක්‌ අවශ්‍ය වූ අතර එහිදී මහේල දැවී යාමෙන් පසු පිතිකරු ස්‌ථානයේ උසස්‌වීමක්‌ සමග පිටියට පිවිසි නුවන් කුලසේකර තරග නරඹන්නන් බලා සිටි වේගවත් පිති ප්‍රහාරය දියත් කරමින් සිය තෙවැනි එක්‌දින අර්ධ ශතක වාර්තා කර ගැනීමට සමත් විය. ඕවල් ක්‍රීඩාංගණයේ සිව්දෙසටම පහරවල් එල්ල කළ කුලසේකර පන්දු 38 කදී දැවැන්ත හයේ පහර 3 ක්‌ සහ හතරේ පහර 5 ක්‌ සමග ලකුණු 58 ක්‌ ලබා ගනිමින් සිය තුන්ඉරියව් හැකියාව යළිත් ප්‍රදර්ශනය කිරීමට සමත් විය. කුලසේකර සහ සංගක්‌කාර අතර නොබිඳුණු සබඳතාව සඳහා පන්දු 71 ක්‌ වැය වන අතරවාරයේ ලකුණු 92 කින් ශ්‍රී ලංකා ලකුණු මැෂිම වේගවත් විය.




ද ඕවල් ක්‍රීඩාංගණය සහ ඒ අවට තිබූ අඳුරු ආලෝකය සහ ශීතල සුළගේ දෝලනය ශ්‍රී ලංකාවට ලබා ගැනීමේ අටියෙන් ඇන්ජලෝ මැතිව්ස්‌ කාසියේ වාසිය සමග පළමුව පන්දු ප්‍රහාරය දියත් කළද ශ්‍රී ලංකා පන්දු රකින්නෝ දැක්‌වූ නීරස පන්දු රැකීම නොවන්නට ශ්‍රී ලංකා ජයග්‍රහණය මීට වඩා පහසු වීමට ඉඩ තිබිණි.

තරගවලියේ ඉදිරි ගමන සඳහා ජයග්‍රහණය තීරණාත්මක වූ මෙම තරගයේ ශ්‍රී ලංකා ආරම්භක කඩුල්ල ලකුණු 10 කට සීමා විය. වේගයෙන් පන්දුවට පහරදීමේ රුචියක්‌ දක්‌වන ශ්‍රී ලංකා යොවුන් ආරම්භක පිතිකරු කුසල් පෙරේරා සිය ප්‍රහාරය දියත් කරමින් ඇන්ඩර්සන්ගේ පන්දුවකට ඉහලින් එල්ල කළ පහර රවී බොපරා රැක ගනිද්දී කුසල්ගේ ඉනිම ලකුණු 6කට සීමා විය.

ශ්‍රී ලංකා පිතිකරු බලඇණියේ නැංගුරම බවට පත්ව සිටින කුමාර් සංගක්‌කාර සිය වෙහෙස කර ඉනිම ආරම්භයේ සිටම කල්පනාකාරීව පිති ප්‍රහාරය දියත් කරමින් තිලකරත්න ඩිල්ෂාන් සමගින් දෙවැනි කඩුල්ලට පන්දු 101 කදී ලකුණු 92 ක්‌ ශ්‍රී ලංකා ලකුණු පුවරුවට දායද කිරීමට සමත් විය. ඩිල්ෂාන් ග්‍රැහැම් ස්‌වාන්ගේ පන්දුවකට මිඩ් ඕන්හී සිටි රොට්‌ අතට උඩපන්දුවක්‌ දී දැවී යන විට පන්දු 56 කදී හතරේ පහර තුනක්‌ සහ හයේ පහරක්‌ සමග ලකුණු 44 ක්‌ ලබා සිටියේය.

තෙවැනි කඩුල්ල සඳහා සංගක්‌කාර සහ මහේල එකතුව පන්දු 85 කදී වේගවත් ලකුණු 85 ක්‌ එක්‌ කරමින් සිටියදී පිතිකරු පවර් ප්ලේ අවස්‌ථාවේ (36 වැනි පන්දුවාරය) ඇන්ඩර්සන් විසින් යවන ලද දෙවැනි පන්දුවෙන්ම මහේල ඩීµa ස්‌කුවාලෙග් කලාපයට උඩපන්දුවක්‌ ලබාදී දැවී යන විට පන්දු 43 කදී හයේ පහරක්‌ සහ හතරේ පහර 3ක්‌ සමග ලකුණු 42 ක්‌ ලබා සිටියේය.

එංගලන්ත ඉනිමේ 50 වැනි පන්දුවාරය දියත් කළ ෂමින්ද එරංගට එරෙහිව බොපරා සහ ස්‌ටුවර්ට්‌ බ්‍රොaඩ් ලකුණු 28 ක්‌ උදුරා ගැනීම ශ්‍රී ලංකාව ජයග්‍රහණයට අතුරු පහරක්‌ බඳු විය. එහිදී වේගවත්ම ඉනිමක්‌ දියත් කළ බොපරා පන්දු 13 කදී හතරේ පහර 2 ක්‌ සහ හයේ පහර 3 ක්‌ සමග ලකුණු 33 ක්‌ එංගලන්ත ලකුණු පුවරුවට දායාද කළේය. ෂමින්ද එරංග විසින් යවන ලද පන්දුවාර 10 දී ලකුණු 80 ක්‌ උදුරා ගැනීමට එංගලන්ත පිතිකරුවන් සමත් විය.

zඒZ කාණ්‌ඩ යෙන් අවසන් පූර්ව වටය සඳහා පැමිණීමේ බලා පොරොත්තුවෙන් ඉනිම ඇරඹු එංගලන්ත ආරම්භක පිතිකරු යුගල පළමු කඩුල්ල සඳහා ලකුණු 48 ක සබඳතාවක්‌ එක්‌ කළ අතර ඒ සඳහා පන්දු 69 ක්‌ වැය විය. පන්දු 37 කදී හතරේ පහර 3 ක්‌ සමග ලකුණු 20 ක්‌ ලබා සිටි ඉයන් බෙල්ගේ ඉනිමට තිත තැබීමට ෂමින්ද එරංග සමත් විය.

ශ්‍රී ලංකා පන්දු ප්‍රහාරය හමුවේ කඩුලුaල රැක ගැනීමේ අටියෙන් පිති ප්‍රහාරය දියත් කළ නායක ඇලිස්‌ටයාර් කුක්‌ දෙවැනි කඩුල්ල සඳහා ජොනතන් ට්‍රොට්‌ සමග ලකුණු 83 ක්‌ එංගලන්ත ලකුණු පුවරුවට දායාද කිරීමට සමත් විය. පන්දු 85 ක්‌ පුරා කඩුල්ල රැක ගත් ඇලිස්‌ටයාර් කුක්‌ හතරේ පහර 3 ක්‌ සමග ලකුණු 59 ක්‌ ලබා ගන්නා අතරවාරයේ දෙවතාවක්‌ උඩපන්දු ලබාදුන්නද එම උඩ පන්දු දෙකම ඩිල්ෂාන්ගේ සුරතින් ගිලිහී යැම විශේෂත්වයකි. කුක්‌ ලකුණු 23 දී ඩිල්ෂාන්ට ලබාදුන් උඩපන්දුව තරමක්‌ අසීරු වුවද ඩිල්ෂාන් රැක ගන්නා ලද උඩපන්දු අනුව එය රැක ගැනීමට හැකියාවක්‌ තිබිණි. නැවත වරක්‌ කුක්‌ ලකුණු 56 දී ඩිල්ෂාන්ගේ පන්දුවක්‌ හමුවේ ඔහුගේ සුරතටම ලබාදුන් උඩපන්දුවද ඩිල්ෂාන් විසින් ගිsලිහුණි. අනතුරුව ක්‍රියාත්මක වූ රංගන හේරත් කුක්‌ගේ ඉනිම ලකුණු 59 දී නවතා දමන විට එංගලන්ත ලකුණු පුවරුව කඩුලු 2ට ලකුණු 131 ක්‌ ලෙස සටහන් විය.

පිටියේ උඩපන්දු රැක ගැනීමේ විශේෂඥයකු වන තිලකරත්න ඩිල්ෂාන් තෙවැනි වතාවටත් ඊයේ දිනයේදී උඩපන්දුවක්‌ අතහැරීම එංගලන්තයට තවත් ප්‍රසාද දීමනාවක්‌ විය. ජෝයි රොට්‌ ලකුණු 35 ක්‌ ලබා සිටියදී ලසිත් මාලිංගගේ පන්දුවක්‌ හමුවේ එක්‌ස්‍රාකවර් කලාපයට ලබාදුන් උඩපන්දුව ඩිල්ෂාන් අතහැරීමෙන් පසු රොට්‌ සිය තෙවැනි එක්‌දින අර්ධ ශතකය ලබා ගැනීමට වාසනාවන්ත විය. ඩිල්ෂාන්ගේ දුර්වල පන්දු රැකීම ඊයේ දිනයේ පුරා පිටියේ කැපී පෙනුන අතර ඔහුගේ අතින් දුවද්දී දැවී යාමක්‌ද ගිලිහී යැම විශේෂත්වයකි.

No comments:

Post a Comment