Thursday 13 June 2013

හෙට හැටන් හා නුවරඑළිය පාසැල් වැසේ

පවත්නා වැසි සහිත කාලගුණය හා අධික ශීතල සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හැටන් හා නුවරඑළිය අධ්‍යාපන කොට්ඨාසවල හෙට(14) දිනයේ පාසල් නොපවත්වන ලෙස මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයා දැනුම්දී තිබේ. ඒ අනුව හෙට දිනය වෙනුවට වෙනත් නිවාඩු දිනයක පාසල් පවත්වන ලෙසද ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇතැයි කියැවෙයි. මේ අතර මධ්‍යම පළාතේ පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට සෙසු අධ්‍යාපන කොට්ඨාස තුළද පාසල් පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබඳ අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට තීරණය ගැනීමේ බලය ලබා දී ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී කුමාරසිරි මහතා පවසයි.

No comments:

Post a Comment