Friday 17 August 2012

තංගල්ලේ දූෂණ සිද්ධිය: 11කට ඇප

14 හැවිරිදි දැරියක පැහැරගෙන ගොස් දුෂණය කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 11 දෙනෙකුට තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද ඇප නියම කළේය. ඒ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන නාගරික මන්ත්‍රිවරයකු ද වේ. තංගල්ල මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මහත්මිය රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප සහ විසිපන්දහස බැගින් වූ මුදල් ඇප මත සැකකරුවන් මුදා හැරියා ය. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හෝටල් අයිතිකරුවෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට මෙහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය. මීට පෙර ද සිද්ධියට සම්බන්ධ 9 දෙනෙකු ඇප මත මුදා හරිනු ලැබිණ. 14 හැවිරිදි මෙම බාලවයස්කාර දැරිය පැහැරගෙන ගොස් සමූහ වශයෙන් දුෂණය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් මෙම පැමිණිල්ල ගොනු කරනු ලැබිණ.

No comments:

Post a Comment