Friday 3 August 2012

විදේශීය නිරීක්ෂකයින් අවශ්‍ය නැහැ

එළඹෙන පළාත් සභා මැතිවරණයේදී විදේශීය නිරීක්ෂකයින්ගේ සහය ලබා නොගැනීමට මැතිවරණ කොමසාරිස්වරයා තීරණය කර තිබේ. නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා සඳහන් කළේ, ඊයේ පක්ෂ ලේකම්වරුන් හා මැතිවරණයට තරග වදින ස්වාධීන කණ්ඩායම් නියෝජිතයින් සමග පැවැති සාකච්ඡාවේදී එම තීරණය දැනුම් දුන් බවයි. විපක්ෂයේ පක්ෂ කිහිපයක් අවස්ථා කිහිපයකදී මෙවර පළාත් සභා මැතිවරණය සඳහා විදේශීය නිරීක්ෂකයින්ගේ සහය ලබා ගැනීමේ අවශ්‍යතාව මැතිවරණ කොමසාරිස්වරයා‍ වෙත පෙන්වා දී තිබේ. එහෙත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසා ඇත්තේ එවැනි සහයකින් තොරව මැතිවරණය ස්වාධීනව පැවැත්වීමට හැකියාව ඇති බවයි. ඊට තම නිලධාරින් උපරිම ලෙස කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස්වරයා පක්ෂ නියෝජිතයින්ට දැනුම් දුන් බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සඳහන් කළේය.

No comments:

Post a Comment