බාලවයස්කාර දැරියක අපයෝජනයට ලක් කළ බවට සැකකරන තංගල්ල නාගරික මන්ත්‍රි අංජන ලියනගේ ඇතුළු සැකකරුවන් 12 දෙනෙකු ලබන 17 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඒ සැකකරුවන් තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මහත්මිය හමුවට යළි ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.
මෙම සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් 9 දෙනාට අධිකරණයෙන් ඇප නියම විය.
කෙසේ වුවද ඇප කොන්දේසි සම්පුර්ණ කිරිමට නොහැකිවීම හේතුවෙන් එම සැකකරුවන් 9 දෙනා ද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
No comments:
Post a Comment