Friday 17 August 2012

තරුණයන්ගේ කොරියානු සිහිනය ආණ්ඩුව මෙවර ජාවාරමක් කරගනී-------------

කොරියානු භාෂා විභාගය සඳහා වාර්ෂික ඉල්ලූම්පත්‍ර කැඳවීම මේ මස 20 වැනිදා සිට ආරම්භ කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරමින් මෙවර විභාගය පැවැත්වීම සම්පූර්ණයෙන්ම අහිංසක තරුණ තරුණියන් සූරා කන මහා ජාවාරමක් බවට පත් කරගෙන තිබේ. කොස්වත්තේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ දිස්ත්‍රික් කාර්යාලවලින් මේ මස 20 වැනිදා සිට 25 වැනිදා දක්වා පමණක් ඉල්ලූම් පත්‍ර ලබා ගත හැකිය. මෙවර කොරියානු භාෂා විභාගය සඳහා 50,000 ඉක්මවූ පිරිසක් ඉල්ලූම් පත්‍ර ලබා ගනු ඇතැයි අනුමාන කෙරේ ඇමැති ඩිලාන් සහ ඔහුගේ සට්ටැඹියන් ලංකාවේ තරුණයන්ගේ කොරියානු සිහිනය ජාවාරමක් කරගෙන ඇත්තේ මහා දුර්ජන ආකාරයට ය. පසුගිය වාරයේ රුපියල් සියයකට විකිණූ මෙම ඉල්ලූම් පත්‍රය මෙවර විකුණන්නේ රුපියල් තුන් දහසකටය. විභාගය පාස් වීම නැති වීම කෙසේ වෙතත් මෙම විශාල මුදල අයකරන්නේ ඉල්ලූම් පත්‍රය ලබා දීමට පමණි. මෙය හෙණ ගහන අපරාධයක් නොවන්නේ ද? ඊට අමතරව මෙවර පනවා ඇති තවත් නීතියකි. රුපියල් 3000 ක් ගෙවා ඉල්ලූම් පත්‍රය ලබා ගත්තාට මදිය. විභාගයට වාඩි වීමට නම් අසමත් වුවත් නැතත් පාස්පෝට් එක ගත යුතුය. පරණ පාස්පෝට් එකක් තිබේනම් එය අලූත් කර ගත යුතුය. හදිසියේ පාස් පෝට් එකක් ලබා ගැනීමට ලංකාවේ මුදලින් රුපියල් 15000 ක් ගෙවිය යුතුය. මෙය තවත් වටයකින් අහිංසක තරුණ තරුණියන් සුද්දේ දැමීමකි. මේ බව ආරංචි වීමෙන් පසු හදිසියෙන් පාස්පෝට් ගැනීමට තරුණ තරුණියන් පෙළඹීම නිසා 16 සහ 17 දින දෙකට පමණක් පාස්පෝට් විකිණීමෙන් උපයා ඇති ආදායම කෝටි දෙකකට අධික බව වාර්තා වේ. කප්පම් කාරයකු සේ ආණ්ඩුව මෙසේ හැසිරෙන්නේ රැකියා 50,000 ක් ලබා දීමට නොවේ. භාෂා විභාගයට අසුන් ගැන්වීමට පමණි. කොරියාවෙන් ලැඛෙන්නේ රැකියා අවස්ථා 1000 කට අඩු ප්‍රමාණයකි. ඒවාද ලැඛෙන්නේ ඩී තුනේ රැකියා ය. ඩී තුනේ රැකියා යනු ඩේන්ජර්, ඩර්ටි, ඩිෆිකල්ට් වර්ගයේ රැකියා වේ. එනම් අනතුරුදායක, කිළිටි සහ අමාරු රැකියා ය. එවන් රැකියා වෙනුවෙන් හෝ තරුණ තරුණියන් ලංකාවෙන් පිටවී යන්න හදන්නේ ආණ්ඩවේ රට සංවර්ධනය කිරීමේ අපූරුව නිසාය.

No comments:

Post a Comment