Friday 17 August 2012

දඹුල්ලේදී රනිල්ට හූ කියයි

අද (17) දඹුල්ල නගරයේ පැවති ‍ගොවි උද්ඝෝෂණයකට සහභාගීවූ රනිල් වික්‍රමසිංහ මහතාට හූ කියා ඇතැයි වාර්තාවේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට පැවති මෙම උද්ඝෝෂනය සඳහා සංජීව කවිරත්න, රංජිත් අළුවිහාරේ ඇතුලු එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයන් 35 දෙනෙකු පමණ සහභාගී වී ඇත. උද්ඝෝෂණයට සහභාගීවීම සඳහා පැමිණි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දඹුල්ල ගිමන්හල හෝටලයටවී සිට ඇති අතර ඔහු විසින් දඹුල්ල නගර සභාවේ විපක්ෂ නායක තිස්ස බණ්ඩාර මහතාට විටින් විට දුරකථනයෙන් අමතමින් උද්ඝෝෂනයේ ඇති පිරිස සම්බන්ධයෙන් විමසා ඇත. පසුව තිස්ස බණ්ඩාරගෙන් ලැබුනු උපදෙස් පිට එජාප නායකයා උද්ඝෝෂකයන් ඇමතීම සඳහා එම ස්ථානයට පැමිණ තිබේ. ඔහු උද්ඝෝෂකයන් ඇමතීමට සූදානම් වනවාත් සමගම වික්‍රමසිංහ මහතාට කතා කිරීමට නොහැකිවන සේ හූ කියා තිබේ. පසුව ඔහු එම ස්ථානයෙන් ඉවත්වගොස් ඇත. මෙම උද්ඝෝෂණය සඳහා නව සමසමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුනාරත්න මහතාද එයට සහභාගී වී ඇත.
මෙම උද්ඝෝෂණයට කුනු බිත්තර ප්‍රහාරයක්ද එල්ලවී තිබේ.

No comments:

Post a Comment