Monday 20 August 2012

කෞතුක සොරකම: තිදෙනකු අත්අඩංගුවට

ජාතික කෞතුකාගාරයේ භාණ්ඩ සොරාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා පිළිබඳව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි. පොලීසිය සඳහන් කළේ, අඩංගුවට පත් පිරිස අතර කාන්තාවන් දෙදෙනකු හා පිරිමි අයෙකු ද වන බවයි. සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ගෝනවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මේ වන විට බන්ධනාගාරගතව සිටින බව පොලීසිය සඳහන් කළේය. දැනට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් අතර ඔහුගේ බිරිඳ ද වන බව පිළියන්දල පොලීසිය පැවසීය. පොලීසිය පැවසුවේ, අදාළ භාණ්ඩවල වටිනා ගල් වර්ග සහ රත්‍රං ඉවත් කරගෙන ඇති බවයි. සෙසු කොටස් විනාශ කිරීමට සූදානම් වෙද්දී සොයා ගැනීමට හැකිවූ බව පොලීසිය පැවසීය.

No comments:

Post a Comment