Friday 19 October 2012

කියුබාවේ මිත්‍රත්ව පදක්කම ජවිපෙට

ජනතා විමුක්ති පෙරමුණ එහි ආරම්භයේ සිට මේ දක්වාම සමාජවාදී කියුබාවට දෙගඩියාවෙන් තොරව සහයෝගය පළ කිරීම අගයකරනු වස් කියුබානු රජය ජනතා විමුක්ති පෙරමුණට මිත්‍රත්වයේ පදක්කම පිරිනැමීය. එම මිත්‍රත්වයේ පදක්කම ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි නායක සෝමවංශ අමරසිංහ මහතා විසින් භාරගනු ලැබින. මෙම පදක්කම් පැළඳවීම ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති කාර්යාලයේදී අද (19) සිදුවිය.

No comments:

Post a Comment